ෂාරුක් ඛාන්ගේ බොහෝ චිත්‍රපටවල ඔහුගේ පෙම්වතිය වු නිලි ජූහි චව්ලා අද දින ඔහුගේ පුත් ආර්යන් ඛාන් සිරෙන් නිදහස් කර ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඇය ඇප බැඳුම්කර ගෙවීමට ඉල්ලා සිටි විට ආර්ය ඛාන්, වෙනුවෙන් ඉන්දිය රුපියල් ලක්ෂක ඇපයක් ගෙවා ඇපකරු විය. ආර්යන් ඛාන් දින 22 ක් ගත කළ මුම්බායි හි බන්ධනාගාරයේ ගත කලේය.
Actor Juhi Chawla Stands Surety For #AryanKhan Bail https://t.co/aChMld9Oeb pic.twitter.com/LGgPQUEEEY
— NDTV (@ndtv) October 29, 2021
ජූහි චව්ලා යනු ෂාරුක් ඛාන්ගේ මුල්ම සහය නිලිය වූ අතර මෙම යුගලය බොහෝ බ්ලොක්බස්ටර් චිත්‍රපට බිහි කලේය. පසුව ඔවුන් දෙදෙනා IPL කණ්ඩායමේ කොල්කටා නයිට්රයිඩර්ස් හි සම හිමිකරුවන් බවට පත්විය. ආර්යන් ඛාන් සහ ජූහි චව්ලාගේ දියණිය ජාන්වි පසුගියදා IPL ක්‍රීඩක වෙන්දේසියකට සහභාගී වී තිබුණා.
WATCH: Actress #JuhiChawla arrives at the NDPS court to sign a Rs 1 lakh bond for #AryanKhan's bail pic.twitter.com/bdhHxr2v4D
— Bollywood Buzz (@CricBollyBuzz) October 29, 2021
ආර්යන් ඛාන් ඔක්තෝම්බර් 2 වන දින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (NCB) විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (NCB) විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාසයකට ආසන්න කාලයක් සිරගතව සිටියේය. ඔහු මත්ද්‍රව්‍ය නැව් සාදයක දී 20 දෙනෙකුගෙන් යුත් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවේ “චූදිත අංක 1” විය.