ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහාන මහතා පැවසුවේ කොවිඩ් ආසාදිත දිවුලපිටිය කාන්තාවකගේ 16 හැවිරිදි දියණිය නිරෝධායනය යටතේ තබා ඇති අතර ඇය ඉගෙනුම ලැබූ දිවුලපිටිය පාසලේ ළමුන් 1500 ක් පමණ ස්වයං නිරෝධානය යටතේ සිටින බවයි.පාසලේ විදුහල්පති විසින් සියලුම දරුවන්ගේ පෞද්ගලික ලිපිනයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දී ඇති බව උපුල් රොහානා මහතා පැවසීය.
මෙම සියලු කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් දිවුලිපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල යොදවා ඇති බව ඔහු පැවසීය.තවද සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු PCR පරික්ශන සඳහා යැවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති අතර එතෙක් ඔවුන් වෙන්ව තබා ඇති බව සදහන් වනවා.මෙම සිසුන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ පවසයි.