සමස්ථ කොරොනා රොගින් සංක්‍යාව 2,617 දක්වා තවත් ඉහලට


0

නැගෙනහිර කන්දකඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට මේ දක්වා පුද්ගලයින් 492 දෙනෙකු කොරෝනා සඳහා ධනාත්මක පරීක්ෂාවට ලක් කර ඇති බව සදහන් වනවා.

නැගෙනහිර කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යාංශයේ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල් යටතේ නියාමනය කෙරෙන මධ්‍යස්ථානයක් බව යුද හමුදාපතිවරයා පැහැදිලි කළේය.

මේ වන විට ආසාදිත පුද්ගලයින් 625 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ඊයේ සුවපත් විය. ආසාදිත පුද්ගලයින් 106 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහජනයාගෙන් ඉල්ලා සිටී.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk