සමස්ථ කොරෝනා රෝගින් සංඛ්‍යාව දෙදහස් නවසිය අසූදෙක දක්වා ඉහලට


0

තවත් නව කොරොන වයිරස් ආසාදිතයින් 11 දෙනෙකු ශ්‍රී ලංකාවේන් සොයා ගැනීම සමග වර්ථාවූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 2,982 දක්වා ඉහළ ගොස් තිබේ.කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර නවතම සිද්ධීන් 10 ක් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව දිවයින පුරා විවිධ රෝහල්වල සක්‍රීය රෝගීන් 151 ක් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පවතී.

මේ අතර, රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝගීන් තිදෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති හෙයින් රටේ සුවවීමේ ප්‍රමාණය 2,819 දක්වා ඉහළ ගොස් තිබේ.ශ්‍රී ලංකාව මේ වන විට වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 12 කි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk