සමස්ථ කොරෝනා රෝගින් 2653 දක්වා ඉහලට :පීසීආර් පරික්ෂන කරමින් වසංගතය අවම කිරිමට පියවර ගන්න ජනපතිගෙන් ප්‍රකාශකරයි


0

සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ කුන්දසාලේ ප්‍රදේශයේ කෝවිඩ් ආසාදිත රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බවයි.ඒ අනුව මේ දක්වා රට තුළ කෝවිඩ් ආසාදන 2653 ක් වාර්තා වී තිබේ.

මේ අතර රගම හි පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් අද පියවර ගෙන තිබේ.ආසාදිත රෝගියා සමඟ සම්බන්ධ වූ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සෞඛ්‍ය බලධාරීන් විසින් ස්වයං හුදකලාව තබා ඇත. 

කෝරෝනා වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් රට තුළ වරින් වර පැතිර යන වෛරසය පාලනය කිරීමෙන් ජනතාව ආරක්ෂා කිරීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝතභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා.

PCR පරීක්ෂණ දිගටම කරගෙන යාමෙන් සමාජය තුළ වසංගතය පැතිරීම අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව වෛරසය ආසාදනය වූ රෝගීන් 654 දෙනෙකු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබති.


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry