ස්වේච්ඡා සේවකයගේ මරණය නොතකා බ්‍රසීලයේ කොරෝනා එන්නත අත්හදා බැලීම දිගටම කරගෙන යයි


0

ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද කොරෝනා එන්නත පිළිබඳ සායනික පරීක්ෂණ අතර තුර ස්වේච්ඡා සේවකයෙකු මියගිය බව බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්ෂණ ඒජන්සිය (ANVISA) බදාදා ප්‍රකාශ කළහ.මේ පිලිබඳ පරික්ශන දිගටම කරගෙන යනු ඇතැයි කියා සිටියේය.පරික්ශකයන් පැවසුවේ එන්නත පරීක්ෂා කිරීම දිගටම කරගෙන යන අතර, ස්වේච්ඡා සේවකයාගේ මරණය පිළිබඳව වැඩිදුර තොරතුරු සපයන්නේ නැති බවත්,පරික්ශණ වනලට සම්බන්ධ අයගේ වෛද්‍ය රහස්‍යභාවය ආරක්ශා කිරීමට ක්‍රියා කරන බවයි.

බ්‍රසීලයේ එන්නත පිළිබඳ සායනික අත්හදා බැලීම් තුන්වන අදියර සම්බන්ධීකරණය කිරීමට සහාය වන සාඕ පවුලෝහි ෆෙඩරල් විශ්ව විද්‍යාලය ඒකකයක් පවතිනවා.බ්‍රසීල් වාර්තා කළේ ස්වේච්ඡා සේවකයා රියෝ ද ජැනෙයිරෝ හි ජීවත් වූ 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා සංකූලතා හේතුවෙන් මිය ගිය බවයි.

බ්‍රසීල රජය විසින් මෙම එන්නත මිලදී ගෙන රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි සිය ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ ෆියෝක්‍රස් හි නිෂ්පාදනය කිරීමට දැනටමත් සැලසුම් කර ඇති අතර චීනයේ සිනොවාක් වෙතින් තරඟකාරී එන්නතක් සාඕ පවුලෝ ප්‍රාන්තයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන බුටැන්ටන් ආයතනය විසින් පරීක්ෂා කරනු ලැබේ.

එක්සත් ජනපදයෙන් පසු ලොව දෙවන වැඩිම මරණ සංඛ්‍යාව බ්‍රසීලයේ න් වර්තාවේ.බ්‍රසිලයේ 155,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. එක්සත් ජනපදය හා ඉන්දියාවට පසුව ලොව තුන්වන වැඩිම වෛරසය රෝගීන් සංඛ්‍යාවක් බ්‍රසීලය විසින් හඳුනාගෙන තිබේ. එක්සත් රාජධානියේ පරික්ශනයකට ඉදිරිපත්ව සිටින රෝගියෙකු බරපතල රෝගාබාධයක් වාර්තා වීමෙන් පසුව එක්සත් ජනපදය පදනම් කරගත් ඇස්ට්‍රාසෙනෙකා වෙතින් එන්නත අත්හදා බැලීම එක්සත් ජනපදය විසින් අත්හිටුවන ලදී.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk