බොලිවුඩ් තහනම්- ඖශධ සම්බන්ධතාවයේ ප්‍රධානියා වන්නේ අතීතයේ සුපිරි නළුවෙකු වූ පුදගලයෙකු බව තහනම්- ඖශධ පාලන කාර්යාංශ ආරංචි මාර්ග පවසයි. මේ වන විට දීපිකා පදුකෝන් , සාරා අලි ඛාන්, ශ්‍රද්ධා කපූර් සහ රකූල් ප්‍රීත් සිං වැනි නළු නිළියන් මේ සම්බන්ධයෙන් එන්.සී.බී. විසින් විමර්ශනය සදහ කැදවා ඇත.
නළු රියා චක්‍රවර්තිගේ සැපයුම්කරුවන් සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව ඒජන්සියේ විමර්ශනය අතරතුර ඔවුන්ගේ නම් මතු විය . රියා මුලින් ඇගේ පෙම්වතා වන නළු සුෂාන්ත් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියේය.
මේවන විට තවත් මෙම සිද්ධිය සම්බන්ද නලුවන් තිදෙනෙකු ගැන විමර්ශන අංශ ඇස ගසා සිටින බව පැවසෙනවා.මෙම සිදුවීමේ ‘මහ මොළකරු නිරුපන ක්ශේත්‍රයට සම්බන්ධ නලුවෙකු බව පැවසෙනවා.ඉදිරි දිනවලදී මෙම තිදෙනා විමර්ශනය කිරීම සඳහා එන්.සී.බී විසින් කැදවන බව පැවසෙනවා