සියල්ල වෙනස් කරමින් අපගේ පෘතුවියට ආසන්නයෙන් කලු කුහරයක් සොයා ගනි


0

යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරයේ (ඊඑස්ඕ) තාරකා විද්‍යාඥ්ඥයින් කියා සිටින්නේ පෘථිවියට ආසන්නතම කළු කුහරය හඳුනාගෙන ඇති බවයි.

කළු කුහරය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,000 ක් පමණ ආසන්නයේ ඇති අතර කෙතරම් සමීපද යත්, එය පිහිටා ඇති පද්ධතිය දකුණු අර්ධගෝලයේ රාත්‍රී අහසේ පියවි ඇසින් දැකිය හැකි බව පර්යේෂකයෝ පවසති .

ප්‍රාග්හි චෙක් ජනරජයේ විද්‍යා ඇකඩමියේ විද්‍යාඥ්ඥයින් සහ සම කර්තෘ පීටර් හද්රාවා, “මෙය කළු කුහරයක් සහිත පළමු තාරකා පද්ධතිය බව අපට වැටහුණු විට අපි මුළුමනින්ම පුදුමයට පත් වීමු ලෙස . තාරකා විද්‍යාව සහ තාරකා භෞතික විද්‍යාවෙහි පිලිබද ප්‍රකාශයට පත් කරන ලද පත්‍රයක සදහන් කර ඇත .

පර්යේෂකයන් මෙය හඳුනා ගත්තේ චිලියේ ඊඑස්ඕ හි ලා සිල්ලා නිරීක්ෂණාගාරයේ මීටර් 2.2 දුරේක්ෂයක් භාවිතා කරමිනි. එවකට නොදන්නා වස්තුවක් තාරකා දෙකක් මත ගුරුත්වාකර්ෂණ බලපෑම් එල්ල කරන බව නිරීක්ෂණය කිරීමෙනි.

පද්ධතියේ තරු දෙකෙන් එකක් පෘථිවි දින 40 කට වරක් කළු කුහරය වටා කක්ෂගත වන බවක් පෙනෙන්නට තිබුණි. එහි ගමන් පථය අධ්‍යයනය කිරීමෙන් ඔවුන් නිගමනය කළේ කළු කුහර වස්තුව තරමක් විශාල බවය.

“සූර්යයාට වඩා අවම වශයෙන් 4 ගුණයක් ස්කන්ධයක් ඇති අදෘශ්‍යමාන වස්තුවක් කළු කුහරයක් පමණක් විය හැකිය” යනුවෙන් ප්‍රධාන කතුවරයා සහ ඊඑස්ඕ විද්‍යාඥ්ඥ තෝමස් රිවිනියස් ප්‍රකාශයේ සඳහන් කරයි.

අපේ මන්දාකිනියේ මෙතෙක් සොයාගෙන ඇති කළු කුහර අතලොස්සක් අතුරින්, සියල්ලම පාහේ ඔවුන්ගේ සමීප පරිසරය සමඟ අන්තර්ක්‍රියා කරන විට එක්ස් කිරණ පිට කිරිමෙන් ඔවුන් පිහිටන ස්ථානය ලබා දෙයි. මෙම විශේෂිත කළු කුහරය සොයා ගනු ලැබුවේ විද්‍යාඥ්ඥයින් විසින් අවට ඇති වස්තු වලට ඇති ගුරුත්වාකර්ෂණ බලපෑම් අධ්‍යයනය කිරීමෙන් පසුව පමණි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk