සීඅයියේ සංවිධානයේ හිටපු අධ්‍යක්ශක සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් වන මයික් පොම්පේයෝ අද දිවයිනට පැමිණෙන බව ප්‍රකාශවේ


0

ආසියානු කලාපයේ රටවල් හතරක සංචාරයක යෙදී සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.මයික් පොම්පියෝ මහත මිට පෙර ඇමරිකානු සීඅයිඒ ආයතනයේ අධ්‍යක්ශක වරයා ලෙස ද සිට තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම සංචාරය අතරතුරදී පොම්පේයෝ මහතා මෙරට නායකයින් හා විදේශ අමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වනු ඇති බවය.දෙරට අතර බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉහළම නිලධරයා රාජ්‍ය ලේකම් පොම්පියෝ බව
විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ ය. මේ අතර පසුගිය සතියේ වොෂින්ටන් නුවරදී මාධ්‍ය ඇමතූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්සන් මහතා පැවසුවේ, රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවන බවයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk