සුපිරි කොලිවුඩ් නිලි නයනතාරා චෙන්නායි හි මිලියන ගණනලක් වියදම් කර සුපිරි නිවසක් සැදූ බව ප්‍රකාශවේ


0

නයන්තාරා සම්බන්ධයෙන් මෑතකාලීන වාර්තාවලින් කියැවෙන්නේ ලේඩි සුපර් ස්ටාර්, චෙන්නායි හි පිහිටි ඇගේ පෝයස් ගාර්ඩන් නිවසේ අභ්‍යන්තරය සඳහා විශාල මුදලක් වැය කරන බවයි. මෙම සුපිරි නිවහනේ විශේෂත්වය වන්නේ සුපිරි තරුව රජිනිකාන්ත් පදිංචිව සිටින්නේ මෙම ප්‍රදේශයේ වීමයි. මෙය නයන්තාරා සිය සැමියා වන විග්නේෂ් ශිවන්ට මංගල තෑග්ගක් ලෙස තෑගි කළ බවයි වාර්තා වන්නේ.

දැන් අලුත්ම වාර්තා වලට අනුව නිළිය වර්ග අඩි 16,500ක පමණ දැවැන්ත පරිමාණයකින් තම නිවස විශාල කරමින් සිටිනවා. මෙම සුඛෝපභෝගී නිවස පිහිනුම් තටාකයක්, රංග ශාලාවක් සහ ව්‍යායාම ශාලාවකින් පවා සමන්විත බවට කට කතා පැතිර තිබේ. වාර්තා වන පරිදි නාන කාමරය වර්ග අඩි 1500 කින් ඉදිකර ඇත. මෙම තොරතුරු සමඟ, මෙම වාසස්ථානයේ විශාලත්වය කෙනෙකුට සිතාගත හැකිය.

මේ අතර, පැය කිහිපයකට පෙර, නයන්තාරා මුම්බායි ගුවන් තොටුපළේදී දැකගත හැකි වූයේ, සම්පූර්ණ කළු පැහැති ඇදුමකින් සැරසී සිටින බවයි. ඇය අධ්‍යක්ෂක ඇට්ලී සමඟ ඇගේ ඊළඟ චිත්‍රපටය රූගත කිරීමට මුම්බායි නගරයට පැමිණ ඇත. Jawan ලෙස නම් කර ඇති මෙම Pan-India චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ෂාරුක් ඛාන් වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk