සුපිරි බොලිවුඩ් නිලි කත්රිනා කාෆි සහ විකි කෞශාල් ගේ මංගල ඡායාරූප මේ වනවිට අන්තර්ජාලය තුල වෛරසයක් මෙන් සංසරණය වෙමින් පවතී. කත්රිනා කයිෆ් සහ විකී කෞෂාල්ගේ විවාහ මංගල්‍යය ගැන රසිකයින් පමණක් නොව, බොලිවුඩයේ ජනප්‍රිය තරුද අලුත විවාහ වූ යුවළට ‘ප්‍රීතිමත් විවාහ ජීවිතයක්’ ප්‍රාර්ථනා කරමින් සුභපැතුම් එක්කලේය . විවාහ උත්සවයේ කත්රිනා සහ විකීගේ ඡායාරූප දෙදෙනාගේ ආදරය මානව පිලිබිබු කරයි. ඡයාරුපවල නිළිය හැඟීම්බර වූ අතර කඳුළු සලමින් සිටියාය.
නිලි කත්රිනා කාෆි සහ විකි කෞශාල් දෙසැම්බර් 9 රාජස්ථානයේ Sawai Madhopur හි Six Senses Fort Barwara නම් මාලිගාවේදි විවාහ ගිවිස ගත්හ . විවාහ මංගල්‍යයේ පින්තූර බෙදා ගනිමින් මෙම යුවළ මෙසේ ලිවීය, “අපව මේ මොහොත දක්වා ගෙන ආ සෑම දෙයකටම අපගේ හදවත් තුළ ආදරය සහ කෘතඥතාව පමණි. අපි එක්ව මෙම නව ගමන ආරම්භ කරන විට ඔබගේ සියලු ආදරය හා ආශිර්වාදය අපේක්ෂා කරමු.”
VICKY KAUSHAL AND KATRINA KAIF Y'ALL pic.twitter.com/rOuHpUQV7c
— katrina ki shaadi (@jeelezaraaa) December 9, 2021
මෙම උත්සවය පිලිබද ඔවුන් අවසන් මොහොත දක්වා මාධ්‍යයෙන් වසන් කල අතර විවහා මංගල්‍යට ඔවුන්ගේ සමිපතයන්ට පමනක් ආරධනා කර ඇති බව සදහන් විය. එමෙන්ම මංගල්‍යට සහභාගිවන පිරිසට තම ජංගම දුරකතන භාවිතා නොකරන ලෙසද ඉල්ලා සිටි බව සඳහන් වේ.