හිටපු විශ්ව රූ රැජින තරඟකාරිය මෑතකදී ඇගේ උදරයෙන් ගැටිත්තක් ඉවත් කරන සැත්කමක් සඳහා ගොස් තිබේ. කෙසේ වෙතත්, සාමාන්‍ය ශල්‍යකර්මයේදී ඇගෙ වම් පාදයේ රුධිරය නාලයක් කපා දැමූ විට යම් සංකූලතා ඇති වූ අතර වෛද්‍යවරුන්ට ඉක්මණින් ක්‍රියා කිරීමට සිදුවිය.
ක්‍රියාපටිපාටිය අතරතුර, ඇගේ වම් පාදයේ පහළ කොටස වෙත රුධිරය ගලා නොගිය අතර, කොලොම්බියාවේ බොගෝටා හි ෆන්ඩේෂන් කාඩියෝඉන්ෆැන්ටිල් රෝහලේ වෛද්‍යවරයන් විසින් ඩැනියෙලාට තවත් සංකූලතා අවම කර ගැනීම සඳහා ඔවුන් ඉක්මනින් පහළ භාගය කපා ඉවත් කිරීම සිදුකලේය.

නිරූපිකාව ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ගියේ ඇගේ නව සාමාන්‍ය පශ්චාත් ශල්‍යකර්මය කුමක් දැයි ඡායාරූප සමග බෙදා ගැනීම සිදුකලෙය. ඇයගේ පවුලේ අයගේ ඉමහත් ආදරය හා සහයෝගය ඇය වටා ඇති බව ඡායාරූපවල දැක්වේ. ඇය මෙසේ පවසනවා, “මට ඔබ සියලු දෙනා සමඟ අලුත් තත්වය බෙදා ගැනීමට අවශ්‍යයි, මම පෙර මෙන් මගේ ශරීරයට ආදරය කරමි, එමෙන්ම ලෝකයේ සිටීම ගැනත්, ඉදිරියේ ඇති නව අභියෝග සියල්ලටම මුහුණ දීමට හැකිවීම ගැනත් මම සතුටු වෙමි. දෙවියන්ගේ උදව්වෙන් සෑම දෙයක්ම කළ හැකි බව මම දනිමි.

හිටපු රූපලාවණ්‍ය රැජිනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා බොහෝ දෙනෙක් අදහස් දැක්වීමට පැමිණියහ. නැටුම් හා පිහිනීම වැනි ඇගේ ප්‍රියතම ක්‍රියාකාරකම් දිගටම කරගෙන යාමට හැකි වන පරිදි අනාගතයේදී ඇයට කෘතිම පාදයක් යොදා ගන්නා බව වැඩි දුරට සදහන් වනවා.