සුෂාන්ත් රාජ්පුත්ගේ වියෝවිමෙන් පසු ඔහුගේ අධ්‍යක්ෂක මිතුරා වන සන්දීප් සිංහ් සුෂාන්ත්ගේ පෙම්වතිය වූ ඇන්කිටා ලොක්හන්දේ ගැන ද කතා කළේය.අන්කිටා ගැන අදහස් දක්වමින් සන්දීප් කියා සිටියේ ඔවුන් වෙන්ව සිටියද ඇය සැමවිටම සුෂාන්ත්ගේ පවුලේ අය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවයි.

“අන්කිටා පසුගිය වසර 10 තුළ ඔහු සමඟ උපරිම කාලය ගත කරා. මට අනුව, ඔහුගේ පවුලේ අය හැරුණු විට සුශාන්ත් ගේ වියෝව තදින්ම බලපා ඇත්තේ අනිකිටා හටයි. ඔවුන් එකට සිටින විට, වෙන කිසිවෙකු නොකළ පරිදි ඇය ඔහු රැකබලා ගත්තාය.ඇය සැමවිටම සුශාන්ත් ගේ පවුල සමඟ සම්බන්ධ වී සිටි අතර ඔවුන් සියල්ලන්ම ඇයට ආදරය කළාය.”
ගංගා ගඟේ අළු ගිලීම සඳහා මුම්බායි බලා පිටත්ව යාමට පෙර අන්කිටා ලොක්හන්දේ සුශාන් ගේ පවුලේ අය බැලීමට ගියහ. ජුනි 23 වන දින ඔහුගේ පාට්නා නිවසේ යාච්ඥා මේහෙයටද සහභාගිවිය.