සූවස් ඇලේ සිරවූ නෞකාව නිසා සැප‍යුම් රැගෙන අසියවට එන නෞකා අවහිරව ඇති බව ප්‍රකාශවේ


0

ඊජිප්තුවේ සූවස් ඇළේ සිරවී ඇති විශාල බහාලුම් නැවක් නිදහස් කිරීම සඳහා නැව් ඇදීමේ බෝට්ටු අටක් කටයුතු කරමින් සිටින අතර ලෝකයේ කාර්යබහුලම හා වඩාත්ම වැදගත් ජල මාර්ගයක් මේ වන විට නාවික ගමනාගමනය නවතා දමා ඇත.ටොන් 224,000 ක නෞකාව පැනමා ධජයක් යටින් යාත්‍රා කරමින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායට යමින් සිටියදී එය මෙලෙස ඇලේ සිරවිය.

මීටර් 59 ක් පළල (අඩි 193.5) නෞකාව සුළං හා වැලි කුණාටුවකින් පසු මෙලෙස පාවිගොස් ඇලෙහි හරස් අතට සිරවී ඇත.මෙම නෞකාව ගලවා ගැනීමේ බෝට්ටු කටයුතු කරමින් සිටින බව සූවස් ඇල අධිකාරිය පවසයි.බහාලුම් නෞකාව අඟහරුවාදා උදෑසන තීරණාත්මක නැගෙනහිර-බටහිර වෙළඳ මාර්ගයට ඇතුළු වී මෝය කටේ දකුණු කෙළවරේ සිට නාවික සැතපුම් 6 ක් පමණ ඇතින් සිටියදී කරදරයට පත්වූ බව එවර්ග්‍රීන් මැරීන් පැවසීය.

චන්ද්රිකා සහ නාවික දත්ත මගින් යාත්රා අධීක්ෂණය කරන ටැන්කර් ට්රැකර්ස් පැවසුවේ මෙම සිද්ධිය අසල ඇති වෙනත් යාත්රා මිට පිටුපසින් සිරවී ඇති බවයි. “සවුදි, රුසියානු, ඕමානි සහ එක්සත් ජනපද තෙල් රැගත් ටැංකි දෙපසම බලා සිටී.මෙම අවහිරය නිසා ඉදිරියට යාමට නොහැකිව තවත් යාත්‍රා 15 ක් නැංගුරම් ලා සිටි.සූවස් ඇල මගහැර ආසියාව සහ යුරෝපය අතර විකල්ප නැව් මාර්ගයක් වන අප්‍රිකානුමහද්විපය හරාහා වැටි ඇති මාගයෙන් ආසියවට යන්නේ නම් එම ගමට සතියකට වැඩි කාලයක් ගතවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk