දකුණු කොරියාවේ විශාලතම ඩිජිටල් දැන්වීම් පුවරුව වන SMTown COEX ගොඩනැගිල්ලේ LED මුහුණතෙහි යෝධ දිය රැල්ලක් දර්ශනය වනවා. තිරයේ මතුපිටට කඩා වැටීමට ඔන්න මෙන්න තිබියදී ජල රැල්ල නැවත ආපසු යන අතර SMTown COEX ගොඩ නැගිල්ලේ ද්විමාන ආවරණ සංදර්ශකය විශාල ටැංකියක් මෙන් පෙයි.

නව තාක්ශනය යොදාගෙන දිය රැල්ලක් අනුකරණය කෙතරම් යථාර්ථවාදිව කර ඇත්තද යත්, කාර්යබහුල වාණිජ චතුරශ්‍රය හරහා ගමන් කරන මිනිසුන් බොහෝ දෙනා සිතානේ මෙම ගොඩ නැගිල්ල විශාල ජල ටැංකියක් බවයි.
“WAVE” ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ මහජන කලාව නිර්මාණය කිරීම සඳහා අතිවිශිෂ්ට තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ විශේෂඥ්ඥ සමාගමක් වන ඩිස්ට්‍රික් විසිනි. ව්‍යාපෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට මාස හතරක් ගත වු බව සදහන් වනවා.