හිමාචල් නායයමට මිනිත්තු කිහිපයකට පෙර මියගිය වෛද්‍යවරිය පල කල හද සසල කරනා ඡයාරුප


1

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි කින්නෝර් දිස්ත්‍රික්කයේ ඉරිදා සිදුවූ නායයෑම්වලින් සංචාරකයින් 9 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. සංචාරකයින් වාහනයක ගමන් කරමින් සිටියදී අධික ගල් කඩා වැටීමෙන් සංචාරකයින් 11 දෙනෙකු නව දෙනෙකු මිය ගිය බව වාර්තා වේ. ගලවා ගැනීමේ කටයුතු සඳහා ඉන්දු-ටිබෙට් දේශසීමා පොලිස් කණ්ඩායම්වලට උපදෙස් දී ඇති බව ඒඑන්අයි වාර්තා කරයි.

හිමාචල් ප්‍රදේශ් මහ ඇමති ජයරාම් තාකූර් මහතා සිද්ධිය පිළිබඳව ශෝකය පළ කළ අතර සහන කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. “මම කින්නෝර් දිස්ත්‍රික් පරිපාලනය සමඟ කතා කර සිද්ධිය පිළිබඳව විමසා ඔවුන්ට නිසි මාර්ගෝපදේශ ලබා දුන්නා. පරිපාලනය හා සහන කටයුතු ආරම්භ කර තිබෙනවා. විපතට පත්වූවන් වහාම ගෙන්වා ගැනීමට ක්‍රියාකරනවා” යැයි මහ ඇමතිවරයා ප්‍රකාශකලේය.

මෙම අනතුරින් වෛද්‍යවරයෙකුද මියගොස් තිබෙනවා ජයිපූර් වෛද්‍යවරියගේ ට්විටර් ගිණුමේ මෙම අනතුර සිදුවිමට විනාඩි කිහිපයක සිට අදලා ස්ථානයේ සතුටින් සිටිනා අකරය දක්නට ලැබෙන ඡයාරුප පලකර සිටිනවා. නායයෑම්වලින් පසු ඇගේ වාහනය ගල් පෙරළී ඇති අතර් මෙම නිසා ඇය මියගොස් තිබෙනවා.ඇගේ සහෝදරයා වන මහේෂ් කුමාර් ෂර්මා ඇගේ වියෝ ගැන ප්‍රකාශ කර ඇත්තේ “මගේ සහෝදරිය ඩීපා ෂර්මා ජුලි 29 වන දින ඇගේ 38 වන උපන්දිනය වෙනුවෙන් හිමාචල් වෙත යමින් සිටියා. මෙම සැලසුම් සහගත ගමන ගැන ඇය බෙහෙවින් සතුටු වූවාය. ඇය ඒ සඳහා නව වෘත්තීය කැමරාවක් සහ නව ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගත්තාය. ” යනුවෙනි. ඇගේ වියෝව පිලිබද බොලිවුඩ් තරුද තම ශෝකය ප්‍රකාශකර සිටියේය.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk