සඳුදා ග්‍රීක අගනුවර දැඩි හිම තට්ටුවකින් වැසී ගිය අතර, ඇක්රොපොලිස් කඳුකරයේ සිට දකුණේ වෙරළ තීරය දක්වා, ගුවන් ගමනාගමනයට බාධා ඇති විය, ප්‍රවාහනය නතර කර රියදුරන් විශාල සංඛ්‍යාවක් එක රැයකින් අධිවේගී මාර්ගයක අතරමං විය. එල්පිඩා නම් කුණාටුව ග්‍රීසිය හසුව ගොස් ඝන හිම තට්ටුවකින් නගරය වැසී යාමත් සමඟ ඇතන්ස් වටරවුමක පැය ගණනක් මෝටර් රථ නතර කළ රියදුරන් සිය ගණනක් මුදා ගැනීමට ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දැරූහ.
ග්‍රීක මාධ්‍ය විසින් රාත්‍රියේ උෂ්ණත්වය පහත වැටෙද්දී එරට හමුදව සහ ගලවා ගැනිමේ අංශ සමහර රියදුරන්ට ආහාර, ජලය සහ බ්ලැන්කට් ලබා දෙන දර්ශන පෙන්වීය. ඇතන්ස්හි දැඩි හිම පතනයක් දුර්ලභ වන නමුත් නගරය දැන් පිට පිට දෙවන වසරටත් හිම කුණාටු වලට ගොදුරු වී ඇත. මධ්‍යම ග්‍රීසියේ අධික හිම පතනයකින් නවතා තිබූ මගීන් 200ක් පමණ රැගත් දුම්රියක් අදින්නට දුම්රිය ප්‍රවාහන රථයක් උත්සාහ කිරීමේදී මගීන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
Snowing a lot in Athens today pic.twitter.com/TNLp6oW6WG
— David Wilson (@daviwil) January 24, 2022
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලිස් නිලධාරියෙක් පැවසීය. අගනුවර දුම්රිය සහ බස් සේවා අත්හිටුවා ඇත. ඇතන්ස් කලාපයේ සහ ඒ අසල ඇති ඊවියා දූපතේ COVID-19 එන්නත් කිරීමේ පහසුකම් වසා දමා ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි. දැඩි හිම පතනය හේතුවෙන් තුර්කි බලධාරීන්ට ඉස්තාන්බුල් ගුවන් තොටුපළේ ගුවන් ගමන් නතර කිරීමට සිදු වූ අතර කාලගුණය රට පුරා ප්‍රවාහනය අඩාල විය.