හෙට රට ඇරෙන විදිහ: පොදු ප්‍රවාහනය සාමාන්‍ය මගින්ට හෙට සිට සති දෙකක් යනතුරු විවෘත්ත නොවේ


0

සාමාන්‍ය මගීන්ට සහ මගීන්ට තවත් සති දෙකක් බස් හා දුම්රියවල ගමන් කිරීමට අවසර නැත.ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට අත්‍යවශ්‍ය සේවා සේවකයින්ට පමණක් පොදු ප්‍රවාහන සේවයේ යෙදීමට අවසර ලැබේ.

සෞක්‍ය ගැටළු හේතුවෙන් අවම වශයෙන් තවත් සති 2 ක්වත් සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවයට පහසුකම් නොදෙන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා වෛද්‍ය අනිල් ජසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට දැනුම් දීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

දුම්රිය හා බස් රථවල ප්‍රවාහන සේවා ලබා සපයන සියලු දෙනා, මුඛ වැසුම් පැළඳ සිටිටිය යුතු අතර,
සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි සහ පරේ කෙළ ගැසීමෙන් වළකිය යුතුය, කිවිසුම් යන විට වැලමිටෙන් මුඛය ආවරණය කරගත යුතුය, බස් රථ සහ දුම්රිය ආසන ආධාරක ස්පර්ශ කිරීමෙන් වළකිය යුතුය. ඒවා ස්පර්ශ කළහොත් වහාම  විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කර ගැනීම වැනි සියලු සනීපාරක්ෂක විධි අනුගමනය කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk