මේ වන විට ලොකයේ රටවල් රැසක සාර්ථක ලෙස එන්නත් කිරීම් සිදුකරගෙන යන ෆයිසර් සහ බයෝඑන්ටෙක් සාමගමේ කොවිඩ් එන්නත හේතුවෙන් 6 දෙනෙක්කු මිය ගිය බව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පැතිර යන බව පැවසෙනවා.
මෙම ප්‍රකාශයන් අර්ධ වශයෙන් අසත්‍යය වන අතර. ෆයිසර්-බයෝටෙක් එන්නත අත්හදා බැලීම් වලදී පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය නමුත් එන්නත ලබා දී ඇත්තේ දෙදෙනෙකුට පමණි. අනෙක් සිව්දෙනාට ආරක්ෂිත එන්නතක් නොවන දෙයක් ලබාදෙන ලදී. සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය මරණ අනුපාතයට අනුකූලව සිදු වූ මරන දෙකක් ලෙස සිදුවූ මරන දෙක අර්ථ දැකිම සිදුකරන අතර එම සිදුවිම් දෙක සහ එන්නත අතර සම්බන්ධතාවයක් නොමැති බවද පැවසෙනවා.
මේ අතර එක්සත් රාජධානියේ එන්නත ලබාගත් පළමු පුද්ගලයා ගේ අසාත්මිකතාද අසාධ්‍ය තත්ත්වයේ නොමැත. කෙසේ නමුත් තම ජිවිතකාලයේදී අසාත්මිකතාවන් පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින්ට ෆයිසර් එන්නත් නොකිරීමට නියාමකයින් ඉල්ලා සිටී.
ෆයිසර්-බයෝටෙක් කොවිඩ් එන්නත එන්නත් කිරීමට එක්සත් රාජධානියේ ආරම්භ කර ඇති අතර මෙම එන්නත බහරේනයේ සහ කැනඩාවේ භාවිතා කිරීමට අවසර දී ඇත. එමෙන්ම අවසන් අදියරේ පරික්ශණවලදි අදාල එන්නත 44,000 පිරිසක් වෙත ලබාදි ඇත.