මෙම වර්ෂයේ අවසානය ද ඇඩෝබි ෆ්ලෑෂ් හි නිල අවසානය සනිටුහන් කරයි.ඒ අනුව බොහෝ වෙබ්බ්‍රවුසර් මේ වන විට ෆ්ලැශ් මත පැවතිම අවසන් කර ඇත නමුත් තවමත් සෆාරි ෆ්ලැශ් වෙත සහය දැක්වීය.
කෙසේ නමුත් ඇපල් විසින් නවතම සෆාරි හී බීටා වෙලුමෙ නිකුත්විය. එය බොහෝ වෙනස්කම් සමඟ එන අතර, විශේෂයෙන් ඇඩෝබි ෆ්ලෑෂ් සඳහා වන සහාය ඉවත් කර ඇත.

ඇඩෝබි ෆ්ලැශ් වල බොහෝ ආරක්ශක සිදුරු සහිතයි.මේ වන විටද iOS විටෙකත් එයට සහාය නොදක්වයි.
ෆ්ලෑෂ් හි ක්‍රියාකාරීත්වය වෙනුවට ආදේකයල් ලෙස ආ HTML5 හී ප්‍රමිතිය වැඩි වීමත් සමඟ ඇඩෝබි තීරණය කළේ ෆ්ලැශ් මෘදුකාංගය නවතා දැමිමට කාලය පැමිණ ඇති බවයි. 2017 දී එය 2020 අවසානය දක්වා ඇඩෝබි සමාගම සහයෝගය දක්වන බවත් 2020 පසු එම සහය දැක්වීම අවසන් කරන බව නිවේදනය කළේය.
එතැන් සිට ෆේස්බුක් , ගූගල් , මොසිල්ලා සහ මයික්‍රොසොෆ්ට් ඇතුළු ප්‍රධාන තාක්ෂණික සමාගම් බොහොමයක් ඇඩෝබි ෆ්ලැශ් අත් හැර දැමීම සිදුකලේය.