චීනයේ ප්‍රධාන භූමියේ පුද්ගලයින් 86 දෙනෙකු සිකුරාදා වුහාන් කොරෝනා වයිරසයෙන් මිය ගිය බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම (එන්එච්සී) පවසයි. චීන බලධාරීන් දිනපතා යාවත්කාලීන කිරීම් නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු වැඩිම තනි දින මරණ සංඛ්‍යාව එයයි.
මේ වන විට එක්සත් ජනපදය චිනයට උදව් කිරීමට තම කැමැත්ත පල කල ඇත කෙසේ වෙතත් චීනය තවමත් වුහාන් වෛරසයට එරෙහි සටනට සහාය වන ලෙස එක්සත් ජනපද සෞඛ්‍ය විශේෂඥ්ඥයින්ට ආරාධනා කර නොමැති බව සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් සිකුරාදා පැවසීය.
මේ වන විට චිනයේ ජනතාව සිල්ලර බඩු මිලදී ගැනීමට වෙළදපොලවල් වෙත යාමෙන් වැලකී ඇත.චීන ඊ-වාණිජ්‍යය දැවැන්තයා වන අලිබබා හරහා සිල්ලර බඩු ලබා ගැනීමට ජනතාව පෙලෙබී ඇති බව වාර්ථාවනවා.අගනුවර ද ඇතුළුව චීනය පුරා ප්‍රධාන නගරවල බොහෝ නිවාස සංකිර්ණ දැන් පදිංචිකරුවන්ට පමණක් ප්‍රවේශ වීම සීමා කර තිබෙනවා.