F-22 ප්‍රහාරක යානයක් කඩා වැටෙයි


0

එක්සත් ජනපද ගුවන් හමුදාවේ එෆ් -22 රැප්ටර් රහසිගත ප්‍රහාරක යානයක් ෆ්ලොරිඩාවේදී සිකුරාදා අනතුරට ලක්විය . ලොක්හීඩ් මාටින් එල්එම්ටී විසින් 1990 දශකයේ මැද භාගයේ සිට නිර්මාණය කරන ලද ගුවන් යානා 195 න් එක් ගුවන් යානයක් මෙය වෙයි.

2004, 2009 සහ 2010 වර්ෂවල සිදු වූ අනතුරු – දැන් 2020 කඩා වැටීම නිසා රැප්ටර් හතරක් විනාශ වී ඇත.2000 දශකයේ මුල් භාගය වන විට ගුවන් හමුදාව අපේක්‍ෂා කළේ එෆ් -22 යානා 400 කට වඩා මිල දී ගැනීම ය.

ඒ වෙනුවට ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් 2009 දී හදිසියේම රැප්ටර් නිෂ්පාදනය අවසන් කළේය. ලේකම් රොබට් ගේට්ස් එකල ප්‍රකාශ කාලේ එෆ් 22 යානා අවශ්‍ය දියුණු සතුරන් පරාජය කිරීමට පමණක් නිසා ඒවා වැඩිපුර අවශ්‍ය නොවන බවයි.

නමුත් වසර කිහිපයක් ඇතුළත ගේට්ස්ගේ තීරණය වරදී බව පැහැදිලි විය. චීන මිලිටරි බලයේ සීග්‍ර වර්ධනය සහ චීන හා රුසියානු රහසිගත-ප්‍රහාරක යානා වල නව හැකියාවන් ඇමරිකාවේ ගුවන් හමුදාවට මේ වෙන විට අභියෝගයක් බවට පත්ව ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk