සෑම ප්‍රධාන App එකකම මේ දිනවල යම් ආකාරයක ඩාර්ක් මූඩ් එකක් ක්‍රියාත්මක කරයි,කෙසේ නමුදු ෆේස්බුක් මේ වනතුරු ඔවුන්ගේ නිල ඩාර්ක් මුඩ් එක එලිදකවා නැත.
නමුත් ෆේස්බුක් සමාගම 2019 අගෝස්තු මාසයේදී ඇන්ඩ්‍රොයිඩ් සඳහා අඳුරු මාදිලියක් සහ ඔක්තෝම්බර් මාසයේදී අඳුරු ඩෙස්ක්ටොප් UI එකක් පරීක්ෂා කෙරුන අතර එය තවමත් නිල ලෙස සමාන්‍ය ජනතාවට ලබාදී නැත.
කෙසේ වෙතත් මේවන ෆේස්බුක් ලයිට් වෙත අඳුරු මාදිලියක් ලබාදීම සමාගම සිදුකර තිබෙනවා.ෆේස්බුක් ලයිට් යනු ෆේස්බුක් ඇප් හි සැලකිය යුතු ලෙස කුඩා කළ අනුවාදයකි, එය සීමිත දත්ත ප්‍රවේශයක් ඇති පරිශීලකයින් සඳහා නිර්මානය කර ඇති අතර එය සාමාන්‍ය ෆේස්බුක් ඇප් එකට වඩා මිගාබයිට් 37 කින් පමණ කුඩා වේ.