ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දියවීමට අලුත් හේතුවක් පරීක්ශකයන් විසින් සොයා ගැනේ


0

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවේ මතුපිට දියවීමට ඉහළ වායු උෂ්ණත්වයක් දායක වන බව විද්‍යා යින් බොහෝ කලක් තිස්සේ දැන සිටියහ.එනමුදු නව අධ්‍යයනයකින් හෙලිවූයෙ පහළින් අයිස් තට්ටු දියවිමේ තර්ජනයක්ද ඇතිවී ඇති බවයි.

විශාල ග්ලැසියර යටින් ගමන් කරන උණුසුම් සාගර ජලය ඒවා වඩාත් ඉක්මණින් දිය වීමට හේතු වේ.මෙම සොයාගැනීම් නේචර් ජියෝ සයන්ස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද්දේ පර්යේෂකයන් විසිනි .

මෙම මිනුම් උපකරණ සාගරයේ උෂ්ණත්වය අධ්‍යයනය කරන අතර කඹය මත එකට බැඳ සාගර පතුලට සවි කර ඇත.

ice tongue යනු ගොඩබිම ඇති අයිස්වලින් බිඳී නොයා ජලය මත පාවෙන අයිස් පටියකි.මෙම පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරන ලද දැවැන්ත අයිස් පටිය සැතපුම් 50 කට ආසන්න පටියකි.

සැතපුම් ගණනක් පළල දිය ධාරාවක් අත්ලාන්තික් සාගරයේ සිට ග්ලැසියරය දෙසට කෙලින්ම ගලා එන බවත්, එය මගින් විශාල තාප ප්‍රමාණයක් අයිස් සමඟ ස්පර්ශ වන බවත් ග්ලැසියරයේ දියවීම වේගවත් කරන බවත් සමීක්ෂණයෙන් හෙළි විය.

ග්‍රීන්ලන්තයේ තවත් ග්ලැසියරයක් අසල ගලා යන සමාන උණුසුම් ජල ධාරාවක් විද්‍යා පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලද අතර එහි දී ෆ්හ අයිස් කොටසක් සාගරයට කැඩී ගොස් ඇත.

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවෙන් සිදුවන විශාල දියවීම නිසා වර්තමානයේදී ගෝලීය වශයෙන් මුහුදු මට්ටම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත. දෙසැම්බර් මාසයේදී නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව 1992 ට වඩා හත් ගුණයකින් වේගයෙන් දිය වෙමින් පවතී.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk