iPhone 14 හේතුවක් නොමැතිවම හදිසි උදව් සදහා ඇමතුම් ගන්නා බව ප්‍රකාශ​වේ


0

iPhone 14 හි නව crash detection හඳුනාගැනීමේ විශේෂාංගය රෝලර් කෝස්ටර් පදින පරිශීලකයින්ට ගැටළු ඇති කර ඇති බව සදහන් වේ. ඇපල් සමාගමේ නවතම දුරකථනය ස්වංක්‍රියවම 911 ඇමතීමෙන් රෝලර් කෝස්ටර්වල සිටින පුද්ගලයන් අනතුරකට ලක්වන බව ප්‍රකාශ කරන බව පැවසෙනවා.

නවතම අයිෆොන් දුරකථනයේ මෙම දුර්වලතාව නි​සා ඇමරිකාවේ සින්සිනාටි හි කිංග්ස් අයිලන්ඩ් විනෝද උද්‍යානය අසල පුද්ගලයින් සඳහා ව්‍යාජ අනතුරු ඇඟවීම් නිකුත් කරමින් දුරකථන ඇමතුම් ලබාගෙන ඇත. සැප්තැම්බර් මාසයේදී නව ස්මාර්ට් ජංගම දුරකථනය විකිණීමට පටන් ගත් දා සිට ඔවුන්ට අවම වශයෙන් iPhone හදිසි ඇමතුම් හයක් ලැබී ඇත.

එම රිය අනතු​රු හඳුනාගැනීමේ තාක්ෂණය Apple Watch 8 හි ද දක්නට ලැබේ. මෙම දුර්වලතාවය නිවරදි කරන තුරු පරිශීලකයන් රෝලර් කෝස්ටර වල ගමන් ගැනිම​ට පෙර iPhone 14 සහ Apple Watch 8 ගුවන් යානා මාදිලියේ තැබිය යුතුය බවට සමාජ මාධ්‍යවල මත පලවන​වා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk