2017 වසරේ ලෝක රූ රැජිණ මනූශිගේ ප්‍රථම චිත්‍රපටය මෙම වසරේදි


0

2017 වසරේ ලෝක රුජින බවට පත් වූ මනුෂි චිලර් අක්ෂේ කුමාර් සමඟ සිනමා ලෝකයට පිවිසීඅට නියමිතයි.මනූෂි චිලාර් බ්‍රහස්පතින්දා සිය පළමු ගීතයේ රූගත කිරීම් සදහා සහභාගි වූ බව පැවසීය.

ඇගේ පළමු ගීත රූගත කිරීම ඇගේ ජීවිතයේ අමතක නොවන මොහොතක් ලෙස නම් කල අතර “මගේ පළමු ගීතය රූගත කිරීමේ අත්දැකීමට මම බෙහෙවින් ඇලුම් කළෙමි. එය සදහටම මතකයේ රැඳෙනු ඇත. මගේ පළමු ගීතය ට, පෙරහුරු කිරීම සහ රූගත කිරීම මට විශාල අත්දැකීමක් විය,” 22 හැවිරිදි ලොක රූ රැජින පැවසිය.

2017 වසරේ ලෝක රූ රැජිණ වුයේ මනුශිය (Photo: Rajesh Jadhav )

ගීතයේ රූගත කිරීම් ආරම්භ වන විට ඇය අධෛර්යයට පත්වි සිටි බව ද චිල්ලාර් පැවසීය.කෙසේ නමුත් ඇය පැවසුවේ මම ගීතය සඳහා දැරූ උත්සාහය ප්‍රේක්ෂකයින්ගේ ඇගයීමට ලක්වනු ඇතැය යන ලෙසයි.

මනුෂිගේ පළමු චිත්‍රපටය වන ප්‍රිත්විරාජ් යනු නිර්භීත හා බලවත් රජ කෙබෙකු වන ප්‍රිත්විරාජ් චෞහාන්ගේ ජීවිතය හා වීරත්වය පදනම් කරගත් චිත්‍රපටයකි . අක්ෂේ කුමාර් ප්‍රිතිවිරාජ් රජුගේ චරිතයට පණපොවන අතර චිලාර් ඔහුගේ ආදරිය වන සන්යෝගිතාගේ චරිතය රඟපානු ඇත.

චන්ද්‍රප්‍රකාශ් ද්විවිධිගේ අධ්‍යක්ශනයෙන් යුත් මෙම චිත්‍රපටය මේ වසරේ දීපවාලි දිනයේ තිරගත වීමට නියමිතය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk