ගූගල් සිතියම 15 වන උපන්දිය වෙනුවෙන් වෙනස්කම් රාශියක් සිදුකරයි


0

මීට වසර 15 කට පෙර දියත් කළ ගූගල් සිතියම මේ වන විට ලොව ඇති වැදගත්ම යෙදුම වී ඇත.වසර 15 ක් සැමරීම සඳහා ගූගල් මේ සතියේ සිතියම් යාවත්කාලීන කිරීමක් ලබා දී ඇති අතර මෙයින් නව පෙනුමක් සිතියමට ලබාදී ඇත.එමෙන්ම AI තාක්ෂණයන් සිතියම වඩාත් ප්‍රයෝජනවත් යෙදුමක් බවට පත් කර ඇත.

ගූගල් සිතියම 15 වන උපන්දිය වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකර ඇත (blog.google)

යාන්ත්‍රික ඉගේනිම් තුලින් ගූගල් මැප් ගොඩනැගිලි අංක හඳුනා ගැනීම,විධිමත් වීදි සලකුණු සහ නිවාස අංක නොමැති ප්‍රදේශ සිතියම් ගත කිරීම වැනි දේ සිදුකර තිබෙනවා.නිදසුනක් ලෙස නයිජීරියාවේ ලාගෝස් හි යන්ත්‍ර ඉගෙනීම යොදාගෙන ගූගල් වීදි නම් 20,000 ක්, ලිපින 50,000 ක් සහ නව ව්‍යාපාර 100,000 ක් සිතියම් වෙත එක් කිරීමට උදව් කර ඇත.

මේ වන විට ගෝලීය වශයෙන් බිලියනයකට අධික පිරිසක් සෑම මසකම ගූගල් සිතියම් භාවිතා කරන බව සමාගම පවසයි. ගූගල් විසින් රටවල් 220 කට වඩා සිතියම් ගත කර ඇති අතර ස්ථාන හා ව්‍යාපාර මිලියන 200 ක් පමණ තොරතුරු එකතු කර තිබේ.

එමෙන්ම සාමාන්‍ය ජනයාද ගූගල් සිතියම වැඩි දියුණු කර ගැනීමට ගූගල් සමගාම කටයුතු කර ඇත.මේ වන විට දිනකට ගූගල් සිතියම් සඳහා නව දත්ත එකතුකරන පිරිස මිලියන 20 කට වැඩි බවයි සදහන් වන්නේ


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk