එෆ්-35 දැනට ලොව ඇති දියුණුම පස්වන පරම්පාරවේ ප්‍රහාරක ජෙට් යානයයි .ඇමරිකාව විසින් නිපදවන මෙම යානය නිපද වීමට ඇමරිකානු ඩොලර් බිලියන 6 පමණ වියදම් වන බව සදහන් වනවා.
පස් වන පරම්පරාවේ ප්‍රහාරක යානා වල හැකියාව නිර්වචනය කර ඇත්තේ ඉතා අඩු නිරීක්ෂණය කළ හැකි රහසිගතභාවය, උසස් සංවේදක, තොරතුරු සංයෝජනය සහ ජාල සම්බන්ධතාවය සහිත දිගුදුර සුපර් සොනික් යානා ලෙසයි.

දියුණු තාක්ෂණයත් සමඟ එෆ් -35 යනු බහුකාර්ය-සටන් කරුවෙකු වන අතර සම්ප්‍රදායිකව යානා විසින් ඉටු නොකරන ලද නව මෙහෙයුම් ද ඇතුළුව ඕනෑම හා සියලු කාර්යන් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිය.
සාමාන්‍ය ප්‍රහාරක ජෙට් යානයකට වඩා, දත්ත රැස් කිරීමට, විශ්ලේෂණය කිරීමට හා බෙදා ගැනීමට එෆ් -35 සතු හැකියාව නිසා මෙම ගුවන් යානා ඉතාමත් සුවිශේශි වේ.

පළමු දිනයේ සිටම රහසිගතව නිර්මාණය කර ඇති එෆ් -35 සතුරා හඳුනා ගැනීම මගහැර තරඟකාරී ගුවන් කලාප වලට ඇතුළු වීමට අසමසම හැකියාවක් ඇත.මැක් 1.6 ක සුපීරි වේගයක් ඇති මෙම ගුවන් යානා වල උසස් සංවේදක මගින් යුධ පිටියේ වැදගත් තොරතුරු එකතුකල හැක.
එමෙන්ම එෆ් 35 යාන වලට තොරතුරු හා සන්නිවේදන ද්වාරයක් ලෙස සේවය කල හැක,භුමියේ සහ මුහුදේ සිටිනා අනෙකුත් අංශ සමග සතුරාට නොදැනෙන ලෙස,සතුරාට තෙරුම්ගත නොහැකි වන ලෙස නවතම කේතන ක්‍රම මගින් තොරතුරු සංනිවේදනය කල හැක. එමෙන්ම මෙයට භුමියේ ඇති රේඩාර් පද්ධති ජැම් කිරීමට ,විනාශ කිරිමට ද හැකියාව ඇත.
මෙම යානවල නියමුවන් යොදාගන්නා හෙල්මට් එකද ඉතාමත් සුවිශේශි වේ යානය වට ඇති අධෝරක්ත කැමරා 6 කින් ලබගන්න දත්ත වලින් තත්කාලින අධි විභේදනයෙන් යුතු දර්ශන ලබාදෙයි.නියමුවාට ගුවන් යානයේ බොහෝ කොටස් තම හෙල්මට් එක මගින් පාලනය කල හැක මේ සදහ ඔවුන් දියුනු HMD නම් තාක්ශනයක් යොදාගනි.