විශාල සමාගම් දත්ත කාන්දු වීම සහ අනවසරයෙන් ඇතුළුවීම සහ විවිධ පුද්ගලයනේ සංවේදි දත්ත ප්‍රසිද්ධ මාධ්‍යයේ විකාශනය් වීම මේ දිනවල නිතර සිදුවෙයි.
ඔබේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ඔබට ගත හැකි එක් වැදගත් පියවරක් වන්නේ එය සංකේතනය (encrypted) කිරීමයි .
ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය වැනි නැතිවූ හෝ සොරකම් කරන උපාංග සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ . ඔබ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සහ ටැබ්ලට් පරිගණක හෝ iOS අයිෆෝන් සහ අයිපෑඩ් වල මෙය සිදු කල හැක.

ඔබට දැනටමත් මුර කේතයක් සහිත අගුළු තිරයක් තිබේ නම් හෝ ඇඟිලි සලකුණු ස්කෑනරයක් හෝ මුහුණු හඳුනා ගැනීම වැනි වෙනත් අගුළු ඇරීමේ පියවර තිබුනත් එය ප්‍රමාණවත් නොවන වස්තා ඇත.
Encryption මඟින් පුද්ගලයෙකුට ඔබගේ ජංගම දුරකථනයේ තොරතුරු ප්‍රවේශ වීම වළක්වාලීමට වඩා වැඩි යමක් සිදු කරයි. අගුළු තිරය දොරේ අගුලක් ලෙස සිතන්න: යතුර නොමැතිව, පිටස්තර පුද්ගලයන්ට ඔබගේ සියලු දේ සොරකම් කළ නොහැක.
නමුත් යම් ක්‍රමයෛන් දුරකතනය අගුල ඇරිම සිදු කල හොත් ඇතුලත දත්ත ඔහුට භාවිත කල හැක. නමුත් Encryption මගින් තොරතුරු කියවිය නොහැකි බවට පත් කරයි.
මෙහි ඇති අවාසිය නම් ඔබ දත්ත පරීශීලනය කරන විට යම් කාලයක් ගැනීමයි.ඔබට දත්ත ආපසු ලබා ගන්නා විට නැවත විකේතන්ය කිරීම සිදුකල යුතුය.
ඔබගේ සංවේදී දත්ත කේත්නය මගින් ආරක්ශා කල හැක .මේවන විට කිසිම ක්‍රමයකින් නැවත ආපසු පරිශීලකයාට හැර හැරවිය නොහැකි ලෙස Encryption ක්‍රම පැමිණ ඇති අතර මෙම නිසා හැජර් වරුන්ට පවා මෙය වෙනස් කල නොහැක.