S-400 Triumf රුසියාව විසින් නිර්මාණය කරන ලද ජංගම, මතුපිට සිට ගුවනට මිසයිල පද්ධතියකි.එය ගුවන් යානා, UAV, ක්ෘස් මිසයිල සමඟ සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර අන්තර්මහද්වීප බැලස්ටික් මිසයිල ආරක්ෂක හැකියාවද ඇත.

එය දිගු දුර රුසියානු surface-to-air missile පද්ධති වල සිව්වන පරම්පරාව නියෝජනය කරන අතර S-200 සහ S-300 හි අනුප්‍රාප්තිකයා වේ.මෙම පද්ධතිය ඇමරිකාවේ “දේශප්‍රේමී මිසයිල පද්ධතිය “ට සමහ අතින් සමාන අතර කෙසේ නමුත් මෙම පද්ධතිය hit-to-kill ballistic missile defense තාක්ෂනය යොදා නොගනී.
කෙසේ වෙතත් රුසියාව නව පද්ධතියක් වන 77N6 ආරක්ශනන පද්ධතිය නිපදවන අතර එය hit-to-kill ballistic missile defense තාක්ශනය යෝදා ගනු ඇතැයි සැලකේ.

එස් -400 සංවර්ධනය 1993 දී ආරම්භ විය. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු අයවැය සීමා කිරීම් නිසා මෙම පද්ධතිය ගොඩ නැංවීම බාධාක හමුවේ සිදුවිය, ආරම්භක S-400 සැලසුම භාවිතා කරන තාක්‍ෂණයෙන් 70-80% අතර ප්‍රමාණයක්, මිසයිල ගබඩා බහාලුම්, දියත් කිරීම් සහ රේඩාර් ද ඇතුළු තාක්‍ෂණය පැරනි, S-300 පද්ධත්‍ය වෙතින් ලබාගත් අතර, පද්ධතිය පිළිබඳ පරීක්ෂණ 1999 අග හෝ 2000 මුල් භාගයේදී රුසියාවේ කැස්පුටින් යාර් මිසයිල පරාසය තුළ ආරම්භ විය.
පළමු S-400 පද්ධති 2007 දී ක්‍රියාත්මක වූ අතර ,මොස්කව් ආරක්ෂා කිරීම සඳහා පළමු ගුවන් ආරක්ෂක බලකාය සමඟ සේවයට එක්කලේය.
මෙම පද්ධතිය 2015 සිට සිරියාවේ සෙවයට යොදවා ඇති අතර එමගින් රුසියානු හා සිරියානු ගුවන් නාවික බලය ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇත.
රුසියානු හමුදා විසින් යොදා ගැනීම අමතරව, මෙම පද්ධතිය දැනට වෙනත් රටවලට අලෙවි කරනු ලැබේ. පද්ධති කට්ටල හයක් මිලදී ගැනීමට චීනය 2015 දී රුසියාව සමඟ ගිවිසුමක් අත්සන් කළේය. 2016 දී ඉන්දියාව ද කට්ටල පහක් මිලදී ගැනීමට ගිවිසුම් ගත විය.
S-400 මූලික වශයෙන් 48N6 මිසයිල භාවිතා කරයි. මෙම මිසයිල මගින් කිලෝමීටර 250 ක් දක්වා පරාසයක ගුවන් ඉලක්ක විනාශ කිරීමට හැකියාව ලබාදෙන අතර, කිලෝමීටර 60 ක අරයක් හරහා බැලස්ටික් මිසයිල වලට බාධා කිරීමේ හැකියාව ඇත.