පර්යේෂකයෝ හුස්ම ගැනීමට අවශ්‍ය නොවන අද්විතීය ජීවියෙකු සොයා ගනි.මෙම කුඩා පරපෝශිතයා සැමන් මාලුවාගේ පටක වල ජීවත් වන අතර මෙම ජිවියා පරිණාමය වී ඇත්තේ ශක්තිය නිපදවීමට ඔක්සිජන් අවශ්‍ය නොවන ලෙසයි.
ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ක්ෂුද්රජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහායක ස්ටීවන් ඇට්කින්සන් පැවසුවේ මෙය ජිවින් ලෙස අප සලකන දේ පිලිබද මතය වෙනස් කල බවයි.
’අප සතුන් ලෙස සලකන සංකල්පය ගත් විට අප මවාගන්නේ ජිවත් වීමට ඔක්සිජන් අවශ්‍ය බහු සෛලික ජිවින් එසේ නො මැතිව ඒක සෛලික ප්‍රොටින වලින් සැදුන හෝ බැක්ටිරියා වර්ග නොවේ’
”අපගේ පර්යේශනවලින් අප පෙන්නවනු ලැබුවා අවම වශයෙන් එක බහු සෛලික ජිවියෙකුවත් ඔක්සිජන් වලින් ශක්තිය නිපදවිමට අවශ්‍ය ජාන නොමැතිව ජිවත් වන බව”
H. salminicola යනු ජිලිෆිශ් මාලුවන් සහ කොරල් වලට නැකම් කියනා ජිවින් වර්ගයකි ඔවුන් සැමන් මාලුවාගේ ඇග තුල ජිවත් වෙයි.
මෙම ජිවියා ජීවියා සැමන් මත්ස්‍යයාගේ කුඩා සුදු ගෙඩි සාදයි. එය බොහෝ විට මසුන්ට හානියක් නොවන අතර මිනිසුන්ට ආසාදනය කළ නොහැකි බව පර්යේෂකයෝ පැවසූහ.
නමුත් එහි මත්ස්‍ය ධාරකයේ පරිසරය බොහෝ දුරට ඔක්සිජන් වලින් තොර බැවින් පරපෝෂිතයාට නොනැසී පැවතීමට එය ඔක්සිජන් නොමැතිව “හුස්ම” ගනී. එය අනුවර්තනය වී ඇත්තේ එහි මයිටොකොන්ඩ්‍රියා ජෙනෝමය මුළුමනින්ම අතහැර දැමීමෙනි.
මයිටොකොන්ඩ්‍රියා බොහෝ ජීවීන්ගේ ආහාර ශක්තිය බවට පරිවර්තනය කරයි.“ජෙනෝමය අහිමි වීමෙන් පරපෝෂිතයා තවදුරටත් අවශ්‍ය නොවන දේ සඳහා ජාන පිටපත් නොකිරීමෙන් ශක්තිය ඉතිරි කරයි” යැයි ඇට්කින්සන් පැවසීය.
රපෝෂිතයා ඔක්සිජන් වෙනුවට රඳා පවතින්නේ කුමක් දැයි පර්යේෂකයන් නිශ්චිතව නොදන්නා නමුත් ඇට්කින්සන් පැවසුවේ එය දැනටමත් ශක්තිය නිපදවා ඇති එහි ධාරකයෙන් අණු අවශෝෂණය කරන බවයි.
ඇට්කින්සන් සහ ඔහුගේ කණ්ඩායම මෙම විශේෂය ඔක්සිජන් රහිත ව ජීවත් වන අන්තිම සත්වයා යැයි නොසිතන බවත්. ඔක්සිජන් නොමැතිව නොනැසී පැවතිය හැකි තවත් බොහෝ විශේෂ සොයා ගැනීමට තමා අපේක්ෂා කරන බව ඔහු පැවසීය.