අනුරාධපුර යුගයේ ඉදිකරන ලද ලොව පිහිටි විශාලාම ගඩොල් ඉදිකිරීම වන ජේතවනාරම චෛත්‍ය ඉරිතැලිමකට ලක්වී තිබෙනවා.හතරැස් කොටුවේ සිට ගර්භයේ පහළට උතුරු , දකුණු හා බටහිර දිසාවලින් මෙම ඉරිතැලීම් විහිදෙමින් තිබේ.

මේ පිලිබද මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිළධාරියකුගෙන් විමසූ විට ඔවුන්ද මෙය සත්‍ය බව තහවුරුකර තිබෙනවා.මෙම ඉරිතැලීම දිනෙන් දින වර්ධනය වන බවත් හතරැස් කොටුවේ සිට ගර්භයේ පහළට උතුරු , දකුණු හා බටහිර දිසාවලට මෙම ඉරිතැලිම් විහිදෙන බව සදහන් වනවා.

ක්‍රිස්තුවර්ශ 4 වන සියවස තරම් ඇත අතීතයේ මහසෙන් රජු විසින් නිර්මාණය කරන ලද ජේතවානාරමය යුනෙස්කෝ ලෝක උරුමයක්ද වනවා.
මෙම පැලිම් නිසා දාගැබේ හතරැස් කොටුව තුලින් ජලය ගර්භයට වැස්සෙන බව සදහන් වනවා.මේ බව සොයා බැලීමට ජේතවන දාගැබ සංරක්ෂණ ක්‍රියාවලියේ ආරම්භයේ සිටම උපදේශකයකු ලෙස සේවය කල විද්‍යාජෝති ගැමුණු සිල්වා මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිළධාරීන් සමග දාගැබ පරීක්ෂා කල අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි සදහන් වන්නේ