ඉරාකය ගහන්න කලින් ඇමරිකාව මිසයිලය අල්ලගත් හැටි


5

අඟහරුවාදා ඉරානය ඇමරිකානු සොල්දාදුවන් සිටින ඉරාක හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් ඉරානය විසින් එල්ල කරනු ලැබුවා.මෙම ප්‍රහාරය එල්ල වූයේ ඉරානයේ මිලිටරි ජෙනරාල්වරයෙකු වන කසෙම් සොලෙයිමනී ඝාතාය කළ එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයට පළිගැනීමක් වශයෙනි.

අදලා මිසයිල නයිට් විශන් තාක්ශනයෙන් (GETTY IMAGES)

බදාදා රූපවාහිනී කථාවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ප්‍රහාරය අතරතුර “අවම හානියක් සිදුවී ඇති” බවත් කිසිදු ඇමරිකානු හෝ ඉරාක ජීවිත අහිමි නොවූ බවත් ය.

ඉරානය විසින් මීටර දස දහස් ගණනක් ඇතුළත නිරවද්‍ය ලෙස පහර දිය හැකි මිසයිල නිපදවා ඇති බව සලකන විට, කඳවුරේ සිටින සියලුම පිරිස් බේරී පලා යාම කැපී පෙනේ.

ට්‍රම්ප්ට අනුව, මෙය ඇමරිකානු හමුදවට හානි නොවීම වාසනාව හෝ සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. ඒ වෙනුවට ඔහු පැවසුවේ “ඉතා හොඳින් ක්‍රියාත්මක වූ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්” නිසා ඇමරිකානු හමුදාවට හානි නොවූ බවයි.

එක්සත් ජනපදය සතුව ලොව පුරා මිසයිල දියත් කිරීම් නිරීක්ෂණය කිරීම සඳහා කැප වූ විශාල රේඩාර් සහ චන්ද්‍රිකා ජාලයක් ඇති අතර එමගින් කල් තියා ඇමරිකානු හම්දාව වෙත මෙම අනතුරු ඇගවීම සිදුකර ඇත.

පාවෙන මිසයිල හදුනා ගැනීමේ රේඩාර් පද්ධති

ඇමරිකාවේ මිසයිල අනතුරු ඇඟවීමේ පද්ධතිය සීතල යුද්ධයේ මුල් දිනවල දක්වා දිව යයි. 1960 දශකයේ මුල් භාගය වන විටද, එක්සත් ජනපදයට ආක්ටික් ප්‍රදේශය වටා කේන්ද්‍රගත වූ භූගත රේඩාර් දුසිමක් සහ අධෝරක්ත චන්ද්‍රිකා කිහිපයක් යොදාගෙන රුසියානු අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම හඳුනාගත හැකිය ආරක්ශක පද්ධතියක් ගොඩනා තිබුනෙය.

භූගත රේඩාර් මගින් නිරන්තරයෙන් අධි-සංඛ්‍යාත රේඩියෝ තරංගවල ස්පන්දනයන් හදුනා ගත හැකි අතර මිසයිලයක් දියත් කළහොත්, මිසයිලයෙන් නිකුත්වන රේඩියෝ තරංග රේඩාර් මගින් සොයාගත හැකි අතර ඉන්පසුව චන්ද්‍රිකා වලට මිසයිල වලින් නිකුත්වන තාපය හදුනාගෙන මිසයිලයේ ගමන් මාර්ගය නිරීක්ශනය කල හැකි හැකියාව පවති.

වර්තමානයේ එක්සත් ජනපදයට භූ-සමමුහුර්ත කක්ෂවල මිසයිල ලුහුබැඳීමේ අධෝරක්ත සංවේදක සහිත චන්ද්‍රිකා හතරක් ඇත – ( භූ-සමමුහුර්ත කක්ෂ ලෙස අදහස් කරන්නේ ඒවා කිසි විටෙකත් පෘථිවි පෘෂ්ඨයට සාපේක්ෂව පිහිටීම වෙනස් නොකර බවයි.)

ආක්ටික්වල ඇති මිසයිල හදුනා ගැනීමේ රේඩාර් පද්ධති

එක්සත් ජනපද මිසයිල අනතුරු ඇඟවීමේ පද්ධතිය ඉරානය භාවිතා කළ බැලිස්ටික් මිසයිල සඳහා විශිෂ්ට ලෙස ක්‍රියා කර ඇත. ඒවා දියත් කළ පසු ඒවායේ ගමන්මග ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් ගණනය කළ කිරිම මෙම පද්ධතිය කල හැකිවී ඇත.

චන්ද්‍රිකාවක් මගින් මිසයිල දියත් කළ හැකි බව හඳුනාගත් පසු, එය එක්සත් ජනපද ‍යේ කොලරාඩෝ හී ඇති Air Force Station වෙත දැනුම් දීම සිදුකරයි.ඉන් පස්ව අදාල මිසයිලයේ ගමන් පථය ගනන කර එහි ඉලක්කය හදුනාගෙන අදල ඉල්ලකය ඇති ස්ථනයට මේවබ දැනුම් දිම හෝ ප්‍රති මිසයිලයක් යොදාගෙන එම මසයිලය විනාශ කිරීම සිදුකරයි.

‌ ඉරානය නොබෝදා කල ප්‍රහාරයේදී ඔවුන් මිසයිලය විනාශන් නොකර කදවුරෙන් හමුදාව ඉවත් කිරීම පමනක් සිදු කලේය.


Like it? Share with your friends!

5

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk