2020 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට ගිය ශ්‍රි ලංකාවේ වේගා කාර් රථය


0

වේගා නවෝත්පාදනයන් විසින් නිෂ්පාදනය කරන ලද එය වේගා විදුලි මොටර් රථය ජිනීවා මොටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් වී තිබෙනවා.මේ සමග ලොකයේම අවධානය මෙම මොටර් රථය වෙත යොමුවී තිබෙනවා.

300 kW ක එංජිමක් සහිත මෙම මොටර් රථය 150kW සහිත මොටර් දෙකක් සහිතයි.වේගා නවෝත්පාදනයන් කෝඩ්ජෙන් නම් මෘදුකාංග සමාගම සමඟ සම්බන්ධ වී ඇති අතර එහි ගතිකය පාලනය කිරීම සඳහා ඉතා නවීන ඇල්ගොරිතම භාවිතා කර ඇති බව පැවසෙනවා.

වේගා මොටර් රථය

මෙහි යොදාගන්නා ලිතියම් බැටරි මොඩියුල ,බැටරි කළමනාකරණ පද්ධතිය , පද්ධති දෘඩාංග සියල්ල නව උත්පාදන බව පැවසෙනවා.මෙහි බැටරි පද්ධතිය කාර් රථයේ බිම් කොටසෙ ඇති අතර එම නිසා ගුරුත්වජ කේන්ද්‍රය පහල තිබෙන නිසා රථයට වැඩි ආරක්ශාව ලැබී ඇති බව සදහන් වනවා.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙහි බැටරි පද්ධතිය LiFePo4 සෙල් වලින් සමන්විත වීමයි.500V සහ 600A ක බලයක් ලබාදෙන මෙම බැටරි පද්ධතිය නිසා වේගා රථයට කිලෝමීටර 240 ක පරාසයක් ලබාගත හැක.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk