ඇමරිකාව 2020 දී නව ගුවන් යාන ගෙන යන නැව් කාණ්ඩයක් ලොකයට හදුන්වා දීමට නියමිතයි මෙම නෞකා කාණ්ඩය විසි එක්වෙන සියවයසට ගැලපෙන නෞකා කාණ්ඩයක් ලෙසයි සදහන් වන්නේ.මෙතෙක් කල් ඇමරිකාව භවිතා කල Nimitz වර්ගයේ නෞකා ඔවුන් සලකන්නේ පෑරනි නෞකා කාණ්ඩයක් ලෙසයි.
මෙම නෞකා කාණ්ඩය සැබවින්ව විදුලියෙන් ක්‍රියාකරනා ගුවන් යානා ගෙන යන නෞකා වර්ගයක් වනවා.මීට පෙර පැවති Nimitz වර්ගයේ නෞකා දියුණු වුනත් ඒවාහේ බොහෝ කොටස් හුමාලය මගින් ක්‍රියාකල බව පැවසෙනවා.

නවතම Ford වර්ගයේ නෞකා සම්පුර්ණයෙන් විදුලියෙන් ක්‍රියාකරන නිසා මේවා නිපදවීමේදී ඩොලර් බිලියන 4 ක පමණ මුදල් ඉතිරිකිරිමක් කරගැනිමට ඔවුන්ට හැකියාව ලැබුන බව පැවසෙනවා.එමෙන්ම ස්වයංක්‍රියව බොහෝ දේ මෙම නැව් වලට පාලනය කල හැකි නිසා පෙර පැවති ගුවන් යානා ගෙන යන නෞකාවලට වඩා කාර්‍ය මණ්ඩලය සියගනකින් අඩුවෙන් භාවිත කල හැකිබව පැවනෙනවා.
එමෙන්ම මෙම නෞකා කාණ්ඩය ප්‍රථම වරට 3-D Product Model තාක්ශනය යොදාගෙන නිර්මාණය කරන ලද ප්‍රථම නෞකා වර්ගය ලෙසයි සැලකෙන්නේ.මෙම නෞකාව සත්‍ය ලෙස නිර්මානය කිරීමට ප්‍රථමව ඔවුන් විසින් ත්‍රිමාණ පරිගණක තාක්ශනය යොදාගෙන නැවේ සියලු කොටස් නිර්මාණය කර ඇති බව සදහන් වනවා.

මෙම නෞකා වලට විදුලිබලය ලබාදීමට A1B වර්ගයේ න්‍යශ්ටික ප්‍රතික්‍රියකාරක දෙකක් යොදාගන්නා අතර මෙම ප්‍රතික්‍රියාකර සරල සහ පෙර පැවති Nimitz නෞකාවල තිබූ ප්‍රතික්‍රියකාරක වලට වඩා තුන්ගුණයක් බලවත් යැයි පැවසෙනවා.
එලෙසම මෙම නෞකාවල ගුවන් යාන ගුවන්වන් ගත කිරිමේ කැටපොල් 4 ක සහිත වන අතර මේවා එකවිට 4 ම භාවිතා කල හැකි වනවා මෙම ගුවන් යානා ගුවන් ගතකරන්නා කැටපොල චුම්භක ශක්තියෙන් ක්‍රියකන බව ඔවුන් පවසනවා.
මෙම නෞකාව මත ප්‍රහාරක ගුවන් යානා 90 ක් නවතා තැබිය හැකි අතර නැවේ ඉහල අඩි 1,092×256 ක සුවිසල් ඉඩ ප්‍රමාණයක් ගුවන් යානා සදහා වෙන්කර තිබෙනවා.එමෙන්ම නැවේ ආරාක්ශාව සදාහා 2 x RIM-162 වර්ගයේ ගුවන්‍යනා හඹාගොස් පහර දෙන මිසයිල,2 x RIM-116 RAM (රෝලිං එයාර්ෆ්‍රේම් මිසයිලය) කෙටි දුර ගුවන් යානා නාශක මිසයිල , 2 x 20mm Phalanx CIWS වර්ගයේ සමිපයට පැමිනෙන සතුරන්ට පහරදීමේ ආයුධ පද්ධති සහ 4 x 12.7mm බ්‍රව්නිං M2 බර මැෂින් අවි සහිත වනවා.
මෙම නෞකාකාණ්ඩය 2020 සිට භාවිතය නිල ලෙස ඇරබූ විට ඇමරිකානු එක්සත්ජනපදය ලොක නාවිකක්ශේත්‍රයේ ප්‍රධානම බලවතා වනු ඇත.
මූලාශ -militaryfactory.com, https://en.wikipedia.org/wiki/USS_John_F.Kennedy(CVN-79) ,