ඊශ්‍රායලය පලස්තින සහ අරාබි පක්ශ සහිත නව රජයක් ඇතිවන බව ප්‍රකාශවේ


0

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා දේශපාලන සගයන් සමඟ එකඟතාවකට පැමිණ ඇති බව එරට විපක්ශ නායකයා නිල වශයෙන් ප්‍රකාශ කළ විට ඊශ්‍රායලයේ විපක්ෂ නායක අගමැති බෙන්ජමින් නෙතන්යාහු අගමැති දුරයෙන් ඉවත් කිරීමට සමීප විය. බදාදා මධ්‍යම රාත්‍රියේ නියමිත දිනට මිනිත්තු 35 කට පමණ පෙර, කේන්ද්‍රීය යායර් ලැපිඩ් විපක්ශ නායක රුවීන් රිව්ලින්ට ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “මම රජයක් පිහිටුවීමට සමත් වූ බව ඔබට දැනුම් දීමට ලැබීම මට ගෞරවයක්.” ලෙසයි.

ලැපිඩ්ගේ ප්‍රධාන සහකරු වන්නේ ජාතිකවාදී නෆ්තාලි බෙනට් ය . ඔහු දෙදෙනා අතර අගමැතිදූරය වසර දෙකක් තුල මාරුවෙනු ඇත පළමුව අගමැති ලෙස නෆ්තාලි සේවය කරනු ඇත. හිටපු රූපවාහිනී සත්කාරක සහ මුදල් ඇමතිවරයෙකු වන 57 හැවිරිදි ලැපිඩ් වසර දෙකකට පමණ පසු එම ධුරය භාර ගනු ඇත.ඔවුන්ගේ සභාග ආන්ඩුව කුඩා හා මධ්‍යම පක්ෂවල වලින් සමන්විත වන අතර ඊශ්‍රායල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊශ්‍රායලයේ 21% අරාබි සුළුතරය වන එක්සත් අරාබි ලැයිස්තුව නියෝජනය කරන පක්ෂයක් ද ඊට ඇතුළත් ය. “මෙම රජය ඊශ්‍රායලයේ සියලුම පුරවැසියන්, ඡන්දය දුන් අය සහ ඡන්දය නොදුන් අය වෙනුවෙන් කටයුතු කරනු ඇත. එය එහි විරුද්ධවාදීන්ට ගරු කරන අතර ඊශ්‍රායල් සමාජයේ සියලු කොටස් එක්සත් කිරීමට හා සම්බන්ධ කිරීමට හැකි සෑම දෙයක්ම කරනු ඇත” යනුවෙන් ලැපිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk