එංගලන්තේ පැතිර යන කොරෝනා සම්බන්ධ බොරු පුවත් නිසා දුරකථන කුලුනු වලට ජනතාව හානිකරයි


0

5G තාක්ශනය සහ සහ කොරෝනා වයිරස අතර සම්බන්ධයක් ඇති බවට සමාජ මාධ්‍යවල පලවූ විඩියොවක් නිසා එංගලන්තේයේ බර්මින්හැම්, ලිවර්පූල් සහ මර්සිසයිඩ් හි මැලිං යන ස්ථානවල 5G කුලුණු ගිනිතබා ඇත.

5G සහ කොරෝනා වෛරස අතර කිසිම සම්බන්ධයක් ඇති බවට කිසිම විද්‍යාත්මක සාධකයක් හමුවී නැත.මේ බව ප්‍රකාශයක් සිදුකල එංගලන්තයේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සම්බන්ධයක් පිළිබඳ විශ්වාසදායක සාක්ෂි නොමැති බවයි.

එක්සත් රාජධානියේ වෙළඳ ආයතනය පැවසුවේ එවැනි කටකතා සහ කුමන්ත්‍රණ න්‍යායන්ට “සම්බන්ධ” බවයි.

5G ,4G සහ 3G තරංග ඇත්තේ අයනීකරනය කල හැකි සංක්‍යාත වලට ඉතාමත් අඩුවෙනි. ජංගම දුරකථන එක්සත් රාජධානියේ තීරණාත්මක ජාතික යටිතල පහසුකම් ලෙස වර්ගීකරණය කර ඇත, නමුත් එක් ෆේස්බුක් කණ්ඩායමක් විසින් විශේෂයෙන් 5G කුළුණු පුළුස්සා දැමීමට මිනිසුන් දිරිමත් කරමින් සිටී.

5G සංක්‍යත ඇත්තේ අයනීකටන සීමවට වඩා අඩු මට්ටමේය Image courtesy of CNET.

මේ බව බ්‍රිතාන්‍ය රාජ්‍යැ නිලධාරින් විසින් ෆේස් බුක් සමාගමට පැමිණිලිකර පසු එම කණ්ඩාය ෆේස් බුක් විසින් ඉවත් කර ඇත. 5G තාක්ශනය අනාගත සන්නිවේදනයේ ප්‍රධාන සන්නිවේධන මාධ්‍ය වීමට නියමිතයි. එමෙන්ම 5G තාක්ශන කිසි ලෙසකින් මිනිසාගේ සෞක්‍යට හානිදයාක නොවන අතර බොහෝ ආරක්ශාකරි සහ ඵලදායි තාක්ශනයක් වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk