ඕස්ටේ‍්‍රලියාවේ ඓතිහාසික ජයග‍්‍රහණයකින් පසුව නැවත තම මව් බිමට පැමිණීමෙන් පසු ව ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මහත් පිළිගැනීමක් ලැබී තිබේ.ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම ඇදහිය නොහැකි කතාවක් වන්නේ තමිල්නාඩු ක්‍රිකට් ක්‍රීඩක තංගරසු නටරාජන් ය. අයි.පී.එල්. 2020 දී සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් දස්කම් දැක්වීය.
ඔහු ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාවේ ආකෘතීන් තුනෙන්ම මංගල තරගයේදී දස්කම් අතරට පිවිසි අතර ඕස්ට්‍රේලියාවේ දී ගවස්කාර් කුසලානය දිනාගත් ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු වූහ.
බ්‍රහස්පතින්දා නටරාජන් තමිල්නාඩුවේ සාලෙම් දිස්ත්‍රික්කයේ චින්නප්පම්පට්ටි නම් ගම්මානයට නැවත පැමිණියේය.
After making his international cricket debut and the historic test series win in Australia, Indian cricketer T Natarajan was given a grand welcome upon his arrival at the Chinnappampatti village in Salem district. pic.twitter.com/hAlZuwOGKP
— Shilpa Nair (@NairShilpa1308) January 21, 2021
ටී නටරාජන් නැවත ඉන්දියාවට පැමිණි විට ඔවුන්ගේ ගම් වාසින් විසින් ඔහු මහත් උත්සව ශ්‍රියෙන් පිලිගත් බව ප්‍රකාශවෙනවා.පසුව ඔහු සරසන ලද අශ්ව රථයකට නංවාගෙන පෙරහැරකින් ඔහුගේ නිවසට ගෙන ගියේය. නටරාජන් හට සුබ පතන්නට පැමිණි චින්නප්පට්ටි සහ අසල්වැසි ගම්මානවල තරුණයන් විශාල සංඛ්‍යාවක් මෙම මාර්ගයේ දෙපස සිටි බව පැවසෙනවා.සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත ගම්වාසීන් එක් රොක්වීම නිසා ආපසු පැමිනි නටරාජන් හට දින 14 ක් හුදෙකලා වන ලෙස ඉල්ලා සිටියේය.