ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද නවතම දත්ත වලින් පෙනී යන්නේ එක්සත් ජනපදයේ 20,000 කට අධික පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බවයි.
එක් දිනක් තුළ වෛරස් මරණ 2,000 කට වඩා වාර්තා කළ පළමු රට බවට එක්සත් ජනපදය පත්වීමෙන් දින කිහිපයකට පසු මෙම දරුණු සන්ධිස්ථානය පැමිණේය.
නිව්යෝර්ක් ප්‍රාන්තය එක්සත් ජනපදයේ වෛරය පැතිරයාමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර රටේ රෝගීන් 530,000 කට ආසන්න සංඛ්‍යාවෙන් 180,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නිව්යෝක් ප්‍රාන්තයේය.
සෙනසුරාදා වන විට, සෑම එක්සත් ජනපද ප්‍රාන්තයක්ම වෛරස් පැතිරියාමට යෑමට ප්‍රතිචාර වශයෙන් ව්‍යසනයක් ප්‍රකාශයට පත් කර තිබේ.දෙසැම්බර් මාසයේදී චීනයේ වසංගතය හටගත් දා සිට මේ දක්වා ලොව පුරා 100,000 කට අධික පිරිසක් වෛරසය වැළඳී මියගොස් තිබේ.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද ෆෙඩරල් සමාජ දුරස්ථ නිර්දේශ අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක වේ.
වෛරසය පැතිරියාම නිසා රටේ ආර්ථිකය අඩපණ කිරීම නිසා මෑත සතිවල දී අවම වශයෙන් රැකියා මිලියන 16 ක් අහිමි වී ඇති අතර,වෛරස් පැතිරයාම නිසා ජනාධිපතිවරයා ද්විත්ව පීඩනයකට මුහුණ දී සිටී.