කොවිඩ් අමතක කොට ඉතාලියේ ජනතාව සතුට සමරන බව ප්‍රකාශවේ


0

1968 න් පසු ප්‍රථම වතාවට ඉතාලිය යුරෝපීය ශූරතාව දිනාගත්තේ තරග 3-2ක් ලෙස ජයග්‍රහණය කරමිනි.ෆෙඩරිකෝ බර්නාඩෙස්චි, ලෙනාඩෝ බොනූචි සහ ඩොමිනිකෝ බෙරාඩි ඉතාලියානුවන් වෙනුවෙන් ගෝල රැස් කළ අතර , ඉතාලි ගෝල රකින්නා ජාඩොන් සැන්චෝ සහ බුකෙයෝ ගේන් ඉතාලි පිල ආරක්ශා කරගත්තේය.ජය සැමරුම් රාත්‍රිය දක්වාම පැවතුන අතර බොහෝ ඉතාලියානුවන්ට ගිනිකෙළි,දල්වමින් මෝටර් රථ වල නැගී නගරයේ රවුම් ගසමින් ජය සැමරීය.

ක්‍රිස්ටල් ජෙරාඩි විහිළුවට ලක් කරමින්, “ඉක්මනින් ලකුණු රැස් කළ විට මට එතරම් අධෛර්යයක් දැනුණා. නමුත් දෙවන භාගයේදී ඉතාලිය අවදි වුණා.”ඔවුන්ගේ කළමනාකරු රොබර්ටෝ මැන්සිනිගේ නායකත්වයෙන් යුත් ඉතාලි සංචිතය යුරෝ 2020 කුසලානය රැගෙන අලුයම රෝමයට පැමිණියේය . සාම්ප්‍රදායික ජයග්‍රාහී පෙළපාළිය කෝවිඩ්ගේ සීමාවන් නිසා අවලංගු කිරීමත් සමඟ සඳුදා වන විට සැමරුම් පහව ගොස් තිබුනද බොහෝ දෙනෙක් නගරය වටා ඇවිද යන විට ඉතාලියේ කමිස ඇඳගෙන සිටිනු දැකගත හැකි විය.

රෝමයේ හෝටලය වන පාර්කෝ ඩී ප්‍රින්සිපි වෙත පැමිණෙන විට රසිකයන් 100 ක් පමණ ඔවුන්ගේ වීරයන් පිළිගත් අතර අනෙක් අය ජනාධිපති මන්දිරය අසලට රැස් වූයේ කුසලානය පිරිනැමීමට යද්දී කණ්ඩායමේ දර්ශනයක් හෝ ඡායාරූපයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. ඉතාලිය පුරා මේ වන විට කොරොනා සෞඛ්‍ය මාර්ග උපදෙශක ඉවතලමින් ජනතාව විදි බැස ඇති අතර මිලියන ගණනක් ජනතාවක් නගර පුරා සැරිසරමින් ප්‍රිතිය සමරයි . ජනගහනයෙන් සියට 30 පමනක් මේ වන විට එන්නත් දෙකම ලබාගෙන ඇත. එන්නත් එකක් පමණක් ලබාගත් පිරිස සියයට 59 වන බව පැවසෙනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk