ජස්ටින් බීබර් සංදර්ශන අවලංගු කිරීමෙන් පසු මුහුණේ අංශභාගය තත්වයකින් පෙලෙන බව හෙළි කරයි


0

මේ සතියේ සංදර්ශන අවලංගු කිරීමෙන් පසු තමා මුහුණේ අංශභාගයෙන් පෙළෙන බව ගායක ජස්ටින් බීබර් හෙළි කළේය. 28 හැවිරිදි ඔහු ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකින් කියා සිටියේ රැම්සේ හන්ට් සින්ඩ්‍රෝම් රෝග විනිශ්චය හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවයි. “ඔයාට පේන විදියට මේ ඇහැ සෙලවෙන්නේ නෑ. මට මේ මූණෙන් හිනා වෙන්න බෑ… ඉතින් මගේ මූනේ මේ පැත්තේ පාලනය කරන්න බැ” ඔහු කීවේය.

රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය යනු කෙනෙකුගේ කන් අසල මුහුණේ ස්නායුවට බලපාන රෝගයක් බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙම සතිය මුලදී, පෙබරවාරි මාසයේ ආරම්භ වූ Bieber’s Justice World Tour – සංදර්ශන තුනක් කල් දමන බව නිවේදනය කළේය. ඔහු තම රසිකයින්ට ඉවසිලිවන්තව සිටින ලෙස ඉල්ලා සිටි අතර, ඔහුගේ ඉදිරි සංදර්ශන ගැන පැවසුවේ ඔහුට “ශාරීරිකව, පැහැදිලිවම, ඒවා කිරීමට හැකියාවක් නොමැති” බවයි.

ඔහු සිනාසෙමින් ඇසිපිය හෙළුවේ ඔහුගේ මුහුණේ දකුණු පැත්ත නොසෙල්වෙන ආකාරය මිලියන 240ක් වන ඔහුගේ අනුගාමිකයන්ට පෙන්වමිනි. “සාමාන්‍ය තත්ත්වයට පත්වීමට” තමා මුහුණේ ව්‍යායාමවල නිරත වූ නමුත් යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි තමා නොදන්නා බව Bieber වැඩිදුරටත් පැවසීය.

මාර්තු මාසයේදී ගායකයාගේ බිරිඳ වන හේලි බීබර් ඇගේ මොළයේ රුධිර කැටි ගැසීමක් හේතුවෙන් රෝහල් ගත කරන ලදී. පසුව ඇය පැවසුවේ තමාට ආඝාතයක් වැළඳී ඇති බවත්, ඇයගේ හදවතේ සිදුරක් වැසීමට සැත්කමක් කළ බවත්ය.




Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk