ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යැස්ථානයේ වායුකාන්දුව සිදුව ඇති බව ප්‍රකාශයවේ


0

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථනයේ සිදුරක් ඇතිව තිබෙන මේ වන විට මෙය සාර්ථකව වර්ධනය වන ප්රමාණය කුඩා කර ඇති බව පැවසෙනවා.අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය කළමනාකරු කෙනී ටොඩ් පැවසුවේ මීට වසරකට පමණ පෙර මෙම කාන්දුව මුලින්ම අනාවරණය වූ නමුත් පසුගිය මාස කිහිපය තුළ එය වැඩි වී ඇති බවයි. සඳුදා රාත්‍රියේ නැවුම් පරීක්ෂණ වටයකින් හෙළි වූයේ රුසියානු අංශයේ සේවා මොඩියුලයක මෙම කාන්දුව සිදුවී ඇති බවයි.

රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය රොස්කොස්මොස් තහවුරු කළේ එහි එක් සේවා මොඩියුලයකින් මෙම කාන්දුව පැමිණ ඇති බවයි. “මේ වන විට කාන්දුව නිවැරදිව සොයා ගැනීම සඳහා සෝදිසි කිරීම් සිදු කෙරෙමින් පවතී” යනුවෙන් ඒජන්සිය ට්වීට් කළේය. “මෙම තත්වය කාර්ය මණ්ඩලයේ ජීවිතයට හා සෞඛ්‍යයට කිසිදු අනතුරක් නොවන අතර අඛණ්ඩ කාර්ය මණ්ඩල මෙහෙයුම් වලට බාධාවක් නොවේ.”

කක්ෂගත රසායනාගාරයේ ජීවත්වන අතරතුර කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සුව පහසු පීඩනයක් අත්විඳිය හැකි වන ලෙස මධ්‍යස්ථනය ඇතුලත නියමිත පිඩනයක් රඳවාගන්නා අතර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කාලයත් සමඟ ඉතා කුඩා වායු කාන්දුවීම් සිදුවෙමින් පවතිනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk