දහස් ගණනක ජනතාවක් බලාසිටියදි ඉන්දිය පොලීසිය ශාරුක්ගේ පුතු රැගෙන ගිය බව ප්‍රකාශවේ


1

ඉන්දිය NCB විසින් මත්ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වන ෂාරුක් ඛාන්ගේ පුත් ආර්ය ඛාන්, අර්බාස් සෙත් වෙළෙන්දා සහ මුන්මුන් ධමේචා මත්ද්‍රව්‍ය-කාර්‍යංශය විසින් අධිකරණයට ගෙන ගොස් ඇත. විත්තිකරුවන් දින දෙකක අත්අඩංගුවකට ලක් කරන ලෙස NCB ඉල්ලා තිබේ. බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (එන්සීබී) නෞකාවක් වටලා සාදය අතර තුර අත්ත්ඩංගුවට ගෙන ඇත.

මෙම නඩුවේ රැඳවියන් අට දෙනෙකු ඉරිදා මුම්බායි හි වෛද්‍ය පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබුණි. මේ අතර, ආරංචි මාර්ග සීඑන්එන්-නිව්ස් 18 වෙත පැවසුවේ නඩුවේ වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බැවින් එන්සීබී විසින් පොලිස් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම නඩුවේ තවත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

කෝර්ඩෙලියා කෘස් භාර සංචාරක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙම සිදුවිම සම්බන්ධයෙන් කිසිදු දෙයකට ඔවුන් සම්බන්ධ බව ප්‍රතික්ෂේප කර තිබේ. වෝටර්වේස් ලෙෂර් ටුවරිස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති වන ජර්ගන් බයිලොම්ගේ නිල ප්‍රකාශයක් පැවසුවේ, “මෙම ප්‍රකාශය තුළින් කෝර්ඩෙලියා කෘස් කිසිඳු ආකාරයකින් හෝ සෘජුව හෝ මෙම සිද්ධියට සම්බන්ධ නැති බව ප්‍රකාශ කිරීමට මම කැමතියි ලෙසයි.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk