ජනාධිපති ට්‍රම්ප් සිය පශ්චාත් ජනාධිපති ජීවිතය පාම් බීච් හි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පැවසෙනවා මාර්-ඒ-ලාගෝ යනු පාම් බිච් හී පිහිටි සුපීරි මන්ධිරයකි. ට්‍රම්ප් එය නිවසක සිට පෞද්ගලික සමාජ ශාලාවක් බවට පරිවර්තනය කළ අතර එය “දක්ෂිණ ධවල මන්දිරයේ” ලෙස හැදිවිය.
නමුත් 2019 දී ඔහු සිය නීත්‍යානුකූල නිවස නිව්යෝක් සිට පාම් බීච් වෙත මාරු කළේය. ඔහු සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පසුගිය වසරේ පාම් බීච් ප්‍රාන්තයේ පුද්ගලිකව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම මන්දිර්‍ය 1985 දී ට්‍රම්ප් ඩොලර් මිලියන 10 කට මිලදී ගෙන එය පෞද්ගලික සමාජ ශාලාවක් බවට පත් කළ අතර එය පසුගිය සිව් වසර තුළ ඔහුගේ ශීත නිවස බවට මෙම මන්දිරය පත්විය.
President Trump deplaned Air Force One for the final time here in West Palm Beach
— Jordan Fabian (@Jordanfabian) January 20, 2021
He did not answer questions about his comments on Jan. 6
He mouthed ‘thank you’ and got in his SUV pic.twitter.com/xEG65Nty0P
අක්කර 20 කින් යුත් මෙම වතුයාය කාමර 128 කින් සමන්විත මධ්‍යකාලින් යුගයට අයත් මොරිශ් ග්ෘහ නිර්මාණවලින් යුක්ත වන අතර මෙස 1927 දී ඉදිකරන ලද්දකි.මෙම මන්දිරය අත්ලන්තික් සාගරයට මුහුණලා ඇති අතර මෙම ඉඩමට වර්ග අඩි 20,000 ක බෝල්රූම්, මැටි ටෙනිස් පිට්ටනි පහක් සහ දිය ඇලි තටාකයක් ඇතුළත් වේ.පුළුල් අලුත්වැඩියාවන් සහ ස්ථානයෙහි සුවිශේෂත්වය හේතුවෙන් වතුයායේ වටිනාකම ඩොලර් මිලියන 160 ක් පමණ යැයි ගණන් බලා තිබේ.