නව කොරොනා එන්නත්වල ඇති ලොකයම මවිත කල mRNA තාක්ශනය


0

මේ වන විට ලොකයේ කොවිඩ්-19 සදහා භාවිතයට අවසර ලබා දී ඇති ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගමේ එන්නත සහ මොඩර්නා එන්නත් දෙක මිට පෙර ලොකයේ යොදා නොගත් තාක්ශනයක් භාවිතා කරමින් නිපදවන ලද එන්නත් දෙක් වනවා. 21 වන සියවසේ විද්‍යාවේ ඉහලම සොයා ගැනිම් අතර මෙම එන්නත් සදහා යොදාගන්නා mRNA තක්ශනය පවතිනවා.

‌සමාන්‍යයෙන් කොවිඩ්-19 වැනි රෝගවලට වලට හේතු වන වෛරසය වැනි විශේෂිත ආසාදිත කාරකයක් සඳහා නිපදවන එන්නතක ප්‍රධාන අරමුණ වන්නේ එම වෛරසය කුමන ස්වරුපයේද යන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉගැන්වීමයි.මෙම දැනුම අපගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ලැබීමෙන් පසු, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සැබෑ වෛරසය ශරීරයට ඇතුළු වුවහොත් එය දැඩි ලෙස පහර දී එම වෛරසයෙන් අපගේ ශරිරය අරක්ශා කරනු ලබනවා.

වෛරස් වල ප්‍රෝටීන වැස්මක් ඇති DNA හෝ RNA වලින් සාදන ලද ජාන මය හරයක් අඩංගු වේ . ප්‍රෝටීන් වැස්ම සෑදීම සඳහා, වෛරසයේ ඩීඑන්ඒ හෝ ආර්එන්ඒ ජාන මැසෙන්ජර් RNA (mRNA) සාදයි; mRNA පසුව ප්‍රෝටීන නිපදවයි. නිශ්චිත ව්‍යුහයක mRNA මඟින් නිශ්චිත ව්‍යුහයක ප්‍රෝටීනයක් සාදයි.

සාම්ප්‍රදායික එන්නත් දුර්වල වෛරස්,ක්‍රියාශීලී නොවන වෛරස හෝ ඇන්ටිජන් එනම් වෛරසයේ ප්‍රෝටීන් වැස්මේ තීරණාත්මක කොටසක් පමණක් භාවිතා කරයි.කොවිඩ් 19 සම්බන්ධයෙන් ගත් කල, ස්පයික් ප්‍රෝටීන් ලෙස හැඳින්වෙන කොටස වෛරසයේ තීරණාත්මක කොටස වේ.

පෝලියෝ සහ සරම්ප යනු සාම්ප්‍රදායික එන්නත් මගින් සාර්ථකව පාලනය කරනු ලබන බරපතල රෝගාබාධ සඳහා උදාහරණ දෙකක් පමණි. සාමූහිකව ගත් කල, එන්නත් වල දීයුනුව ඉතිහාසයේ වෙනත් වෛද්‍ය දියුණුවකට වඩා මානව වර්ගයාට වඩාත්මක ඵලදායි දියුනුවක් බවට පත්ව තිබේ. නමුත් නව වෛරසයක් හදුනාගත් පසුව එම වෛරසය දුර්වල කිරීම හෝ වෛරසයේ තිරණාත්මක කොටස් නිස්සාරණය කිරීම සඳහා විද්‍යාඥ්ඥයන්ට බොහෝ කාලයක් ගත වේ.

මීට වසර 30 කට පමණ පෙර විද්‍යාඥ්ඥයි අතළොස්සක් එන්නත් වඩාත් සරලව නිපදවිම කළ හැකිදැයි ගවේෂණය කිරීමට පටන් ගත්හ.mRNA රසායනාගාරයේ විශාල වශයෙන් සෑදීම සාපේක්ෂව පහසු ක්‍රියාවකි.සම්ප්‍රදායික එන්නත් වල,අප කලින් කතා කල සරම්ප සහ පොලියෝ එන්නත්වල වෛරසයේ නිස්සරනය කරන ලද කොටස් අඩංගු වුවත් නව mRNA තාක්ශනය සහිත එන්නත් වල අදාල රෝග කාරකය සහිත වෛරසයේ කිසිම කොටසක් අඩංගු නොවේ.එහි ඇත්තේ වෛරසයේ අඩංගුවන ප්‍රෝටිනය නිපදවන ආකරය ගැන උපදෙස් ලබාදෙන mRNA පමනක් වෙයි.

මෙම mRNA එන්නත් මගින් ශරිරයට ලබාදුන් පසු ශරිරය එන්නතේ අඩංගු mRNA වල උපදෙස් අනුව අදාල ප්‍රෝටීනය (ඇන්ටිජනය) නිපදවයි.මෙම ක්‍රියාවලිය ඔබගේ ශරිරයේ සෛල ඔවුන්ගේම ප්‍රොටින නිපදවිමේ ක්‍රියාවට සමාන වේ. ඔබගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය කලින් හදුනා නොගන්නා ලද ප්‍රෝටීනය දුටු විගස එය අගන්තුක ද්‍රව්‍යක් බව දැනගෙන ඒ සදහා පහරදිම ආරම්ඹ කරයි.ප්‍රතිශක්තිකරන පද්ධතිය විසින් මෙම ප්‍රෝටීනය විනාශ කල පසු මෙම ප්‍රෝටීනය සමග සටන් කල ආකරය ගැන මතකය ශරිරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය තුල අඩංගුවෙයි.

මෙම කොටස අවසන් වු පසු ලබාදුන් එන්නතේ කිසිම කොටසක් ඔබේ ශරිරයේ ඉතුරු නොවන අතර ප්‍රතිශක්තිකරන පද්ධතිය තුල ප්‍රෝටිනය පරාජය කල ආකරය ගැන ඇති මතකය සහ නිපදවන ලද ප්‍රතිදේහ පවති .යම් හෙයකින් සත්‍ය වෛරසයක් ඔබගේ ශරිරයට පැමිණියහොත් මේ වන විට එන්නත මගින් කොරොනා වෛරසයයේ ප්‍රෝටීන පිලිබඳ දැනුවත්ව ඇති නිසා නිසා වහාම ප්‍රතිදේහ නිපදවමින් ප්‍රහාරයක් එල්ල කර ඔබගේ ශරිරය ආරක්ශා කිරිම සිදුකරයි.

සංකල්පය සරල යැයි පෙනුනද, එම්ආර්එන්ඒ එන්නත් සඳහා බාධක මාලාවක් ජය ගැනීම සඳහා දශක ගණනාවක් වැඩ කිරීම අවශ්‍ය විය.පළමුව, විද්‍යාඥ්ඥයින් ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා මගින් ලබාදෙන mRNA විනාශ නොකරන පරිදි mRNA වෙනස් කරන්නේ කෙසේදැයි ඉගෙන ගත්හ. දෙවනුව, එම්ආර්එන්ඒ රුධිරය පසුකර යන විට ප්‍රතිශක්තිකරණ සෛල සෛල දිරිමත් කරන්නේ කෙසේදැයි ඔවුහු ඉගෙන ගත්හ.අවසාන වශයෙන්, අපගේ රුධිරයේ ඇති රසායනික ද්‍රව්‍ය මගින් විනාශ වීම වළක්වා ගැනීම සඳහා එම්ආර්එන්ඒ අන්වීක්ෂීයව කුඩා කැප්සියුල තුළට කොටු කර ගන්නේ කෙසේදැයි ඔවුන් ඉගෙන ගත්හ.

සාම්ප්‍රදායික එන්නත් සමඟ සසඳන විට එම්ආර්එන්ඒ එන්නත් මගින් වඩා ශක්තිමත් ආකාරයේ ප්‍රතිශක්තියක් ජනනය කළ හැකි බව ඔවුහු ඉගෙන ගත්හ.න්‍යායාත්මකව, ඕනෑම බෝවන රෝගයක් සඳහා එන්නතක් නිර්මාණය කිරීම සඳහා සමාගම් විසින් මේවන විට මෙම තාක්ශන්‍ය පොදු වේදිකාවක් ලෙස සංවර්ධනය කර ඇති අතර ඉදිරියේදී එම තාක්ශනයන් ලොකයේ බොහෝ වෛරස් රෝග සදහා එන්නත් නිපදවිම සිදුකෙරෙනු ඇත.

කොරොනා වෛරස චිනයේදී හදුනාගත් පසු චීනයේ විද්‍යාඥ්යින් විසින් ස්පයික් ප්‍රෝටීන් නිපදවන ජාන ඇතුළු එහි සියලුම ජානවල ව්‍යුහය තීරණය කර ඇති අතර මෙම තොරතුරු අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කරන ලදී.මිනිත්තු කිහිපයක් ඇතුළත සැතපුම් 10,000 ක් දුරින් පිහිටි විද්‍යාඥ්ඥයින් එම්ආර්එන්ඒ එන්නතක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළහ.

සති කිහිපයකින් ඔවුන් සතුන් තුළත් පසුව මිනිසුන් තුළත් එය පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් එන්නතක් ලබා දී ඇත. SARS-CoV-2 වෛරසය සොයාගෙන මාස 11 කට පසුව, එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ නියාමකයින් විසින් කොවිඩ් 19 සඳහා mRNA එන්නතක් ලදායී හා ආරක්ෂිතව නිපදවා ඇති බව තහවුරු කර ඇති අතර එය පුළුල් ප්‍රතිශක්තිකරණයකට මග සලසයි. මීට පෙර, වසර හතරකට අඩු කාලයක් තුළ නව රෝගයක් සදහා එන්නතක් නිපදවා නොමැත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk