අමිතාබ් බච්චන්, ජයා බච්චන්, අභිෂේක් බච්චන්, ඓශ්වර්යා රායි බච්චන්, ඔවුන්ගේ දියණිය ආරාධ්‍යා, ශ්වේතා බච්චන් නන්දා, ඇගේ දියණිය නව්‍යා සහ පුත් අගස්ත්‍යා බ්‍රහස්පතින්දා අමතක නොවන මතකයන් කිහිපයක් එක් කරමින් , ආලෝකයේ උත්සවය මහත් උනන්දුවෙන් සමරමින් සිටියහ.
අමිතාබ් බච්චන් , ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුම් වල, ඔවුන්ගේ දිපවාලි සැමරිමේ පින්තූර බෙදා ගත් අතර ඒවා සියල්ලම සුන්දර බව කිව යුතුය. පැස්ටල් වර්ණවලින් යුත් සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී සිටින 79 හැවිරිදි නළුවා සහ ඔහුගේ පවුලේ අය ඔහු Instagram හි බෙදාගත් සමූහ ඡායාරූපයක පෙනී සිටියේය. අයිශ්වර්යා සහ අභිෂේක් පීච් පාට ඇඳුමින් දැකිය හැකි අතර ආරාධ්‍යා නිල් පැහැති ඇඳුමකින් සැරසී සිටියේය.
අමිතාබ් බච්චන් ද මේ වසරේ දීවාලි උත්සවය නිවසේ ගත කළ ආකාරය ඔහුගේ බ්ලොග් අඩවියේ බෙදා ගත්තේය . ඔහු මෙසේ ලිවීය: “අතීතයේ දී දිපවාලිය විනෝදය, … මිතුරන් සහ සුභ පතන්නන් හා ආලෝකයේ පිරුනු සුන්දර දිනයක්ව තිබුනි . වර්ථමානයේ දීවාලි රාත්‍රියක් සඳහා එය කන් බිහිරි කරවන ලෙස නිශ්ශබ්ද වී ඇත. ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනයේ ලෝකය තුල ඔව්න් සිරවී ඇත.”