රටටම කොරෝනා සාදගෙන ප්‍රතිශක්තිකරනය සාදගන්න බ්‍රිතාන්‍ය කියනා herd immunity ක්‍රමය


0

කොවිඩ් -19 රෝගය නැවැත්වීමට මූලික වශයෙන් ක්‍රම තුනක් තිබේ.පළමු වැන්න වන්නේ සම්ප්‍රේෂණය මුළුමනින්ම බාධා කිරීම සඳහා ජනතාවගේ නිදහස් ගමන් සීමා කර ප්‍රදේශ ලොක්ඩවුන් කිරිමයි.

මේ වන විට වෛරසය රටවල් 100 කට අධික සංඛ්‍යාවක වෛරසය පැතිර ඇති අතර දැන් එය කළ නොහැකි තත්වයට පත්ව ඇත. දෙවැන්න වන්නේ එන්නතක් නිපදවා එල ලබදී සෑමදෙනාම ආරක්ෂා කිරිමයි , නමුත් එය තවමත් පර්‍යේශන මට්ටමෙන් පවති.

‌තුන් වැන්න වන්නේ පහසුවෙන් ප්‍රත්පල දයක විය හැකි නමුත් භායනක ප්‍රතිපලයකට මුහුන දීමට සූදන්ම සිදුකරනා herd immunity හෙවත් යම් රටක හැකිතරම වෛරසයට පැතිරීමට ඉඩ දීමයි.

වෛරසය දිගින් දිගටම පැතිරී ගියහොත්, අවසානයේදී බොහෝ දෙනෙකුට ආසාදනය වීමට ඉඩ ඇති අතර (ඔවුන් දිවි ගලවා ගන්නේ නම්) එම පුද්ගලයන් කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයට ලක්වන අතර, එම පුද්ගලයන් නිසා ප්‍රතිශක්තිකරනය නොමැති පුද්ගලයන්ද ආරක්ශා වේ.

‌වම්පස රූපයට අනුව එක් පුද්ගලයෙකුගෙන් පටන් ගෙර රෝගය තවත් පුද්ගලයන්ට බෝවෙයි නමුත් ඒ අතර දකුනුපස රූපයට අනුව ප්‍රතිශක්තිකරනය ඇති රෝගින් ඇතිවිට ප්‍රතිශක්තිකරන නොමැති අයද ආරක්ශා වේ ( technologyreview )

‌අප දැන් විමසා බලමු ප්‍රතිශක්තිකරනය නොමැති පුද්ගලයන් ප්‍රතිශක්තිකරනය ඇති පුදගලයන් නිසා කොරෝනා වෛරසයෙන් ආරක්ශා වන්නේ කෙසේද කියලා. බෝහෝ පුද්ගලයන් කොරෝනා වෛරසයට ප්‍රතිශක්ති කරණය ඇති වූ පසු වෛරසය සමාජයේ පැතිරීම බොහෝ දුරට අඩාල වේ herd immunity ඇතිවීමට නම් අවමයෙන් එම ප්‍රදේශයේ කෝ රටේ සියට 70-80 පමණ පීරිසකට අදාල රෝගය බොවිය යුතුය.

කොරොන වයිරසයේ පිලිබද පරේශන කරනා විශේෂඥ්ඥයින් ට අනුව කෝර්නා නිසා ලොකයට සිදුවිය හැකි නරකම ප්‍රතිපලය වන්නේ  ලෝක ජනගහනයෙන් 60% ක් පමණ ආසාදනය විය හැකි බවයි.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් රටේ නිල උපායමාර්ගය පසුගිය දා පවසන ලද රංචු ප්‍රතිශක්තිකරනය ( herd immunity ) පිලිබඳ කතාවෙන් පසු මෙම මාත්ෘකාව බොහෝ දෙනා කතා බහාකරනා මාත්ෘකාවක් විය,

එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන විද්‍යා උපදේශක පැට්‍රික් වැලන්ස් පැවසුවේ “ යම් ආකාරයක රංචු ප්‍රතිශක්තියක් ගොඩනඟා ගැනීමට රටට අවශ්‍ය වන  අතරම වැඩි පිරිසක් මෙම රෝගයට ගොදුරු නොවන ලෙස අපි සම්ප්‍රේෂණය අඩු කරගන්නා බවත්ය.”

නෙදර්ලන්තයේ අගමැති මාක් රූට් ද එවැනිම සටහනක් තබමින් කියා සිටියේ, “අපට වෛරසය පැතිරීම මන්දගාමී කළ හැකි අතරම ඒ සමඟම කණ්ඩායම් ප්‍රතිශක්තිය පාලනය කළ හැකි ආකාරයක් ගොඩනඟා ගත යුතුබයි”.

නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ වෛරසය වේගවත්ව පැතිරෙන නිසා රෝහල් ගතවන පිරිස් ප්‍රමාණය වැඩිවිමයි. මේ නිසා සෞක්‍ය පහසුකම් සීමාවන අතර බොහෝ රෝගින් ( සුවකල හැකි රෝගින්ද) සෞක්‍ය පද්ධතිය බිඳ වැටිම නිසා මරණයට පත්වීමට සිදුවීමයි.

එම නිසා සැම විටම රටේ සෞක්‍ය පද්ධතියේ උපරිම හැකියවට පහලින් රොගින් ප්‍රමානය තබාගත යුතුය එනම් ඇමරිකාව වැනි රටවල් පවසන වක්‍රය පැතැලි කිරීම සිදුකල යුතුයි.මෙම වක්‍රය පැතලි කීමේදී සිදුවන්නේ එකක කාලයකදී ආසදනය වී රෝහල් ගතවන රෝගින් ප්‍රමානය අඩු කිරිමයි.මෙම නිසා අදල රටේ සෞක්‍ය ක්ශේත්‍රයට එම රෝගින් හට ප්‍රතිකාර කිරීමට අව්ස්ථව සැලසේ.

මේ සම්බන්ත තවත් විස්තර සහිත ලිපි – What is herd immunity and can it stop the coronavirus?  ,Herd immunity (Herd protection)


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk