ඇෆ්ගනිස්ථානයේ පවතින වාතාවරණය ගැන දඟ පන්දු යවන රෂීඩ් ඛාන් කනස්සල්ලට පත්ව සිටින බවත් ඔහුගේ පවුල රටින් එලියට ගැනිමට තමාට නොහැකි බවත් හිටපු එංගලන්ත නායක කෙවින් පීටර්සන් පැවසීය . ඇෆ්ගනිස්ථානයේ පවතින අර්බුදය හේතුවෙන් ලොව පුරා ගුවන් මෙහෙයුම් කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අඩාල වී තිබේ. රෂීඩ් මේ වන විට එක්සත් රාජධානියේ සිටින්නේ පන්දු සියයේ ආරම්භක තරඟාවලියේ ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමිනි.
💛 @rashidkhan_19 appreciation tweet 💛#TheHundred pic.twitter.com/KPz7lRtQt3
— The Hundred (@thehundred) August 15, 2021
” ඔව්හුගේ රටේ බොහෝ දේ සිදුවෙමින් පවතී. අපි ඒ ගැන කතා කරමින් දේශ සීමාවේදී දිගු වේලාවක් කතාබස් කළ අතර ඔහු කනස්සල්ලට පත්ව සිටියේය. ඔහුට තම පවුල ඇෆ්ගනිස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකි අතර ඔහු වෙනුවෙන් බොහෝ දේ සිදු වේ,” පීටර්සන් ස්කයි ස්පෝර්ට්ස් හි පැවසීය. “ඔහු දැනට සිටින පීඩනය යටතේ ඔහුට මෙවැනි දස්කම් දැක්වීම පුදුම සගහතයි” ඔහු පැවසීය.