මේවන විට රුසියාවේ කොරොනා ත්තවය නිල සංඛ්‍යාලේකන වලට වඩා දරුණු බව පැවසෙනවා. රුසියාවේ ප්රමුඛ පෙළේ රුසියානු වෛද්‍යවරුන්ගේ සංගමයක් වන “ඩොක්ටර්ස් එලායන්ස්” විසින් ජාත්‍යන්ටර මාධ්‍යවෙත ලබාදෙන ලද විඩියෝ දර්ශන වල දැක්වෙන්නේ රෝගින් දහස් ගනනින් රෝහල් තුල මැරි වැටෙන ආකරයයි.
ම්ෘත ශල්‍යාගාර ඉඩ නොමැති නිසා සිරුරු , එකිනෙකා මත රළු බිම්වල ගොඩ ගසා ඇති බව පැවසේ.රුසියාව පවසන්නේ නොවැම්බර් 16 වන විට කෝවිඩ් -19 රෝගයෙන් 33,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. එහෙත් ක්‍රෙම්ලිනය සංඛ්‍යා අඩුවෙන් වාර්තා කරන බව පවසන විචාරකයින් විසින් එම සංඛ්‍යාව පිලිගත නොහැකි බව පවසයි.
රුසියාවේ සංඛ්‍යාලේඛන ඒජන්සිය වන රොස්ටැට්ට අනුව, 2020 අපේ‍්‍රල් හා සැප්තැම්බර් අතර රුසියාවේ නිල අතිරික්ත මරණ සංඛ්‍යාව දළ වශයෙන් තවත් මරණ 117,000 ක් විය. එම කාලය සඳහා නිල කොවිඩ් -19 මරණ සංඛ්‍යාව දළ වශයෙන් 21,000 කි.ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සඳහා තවමත් රොස්ටැට් දත්ත නොමැත, නමුත් රටේ කොරෝනා වයිරස් ප්‍රතිචාර මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිල තක්සේරු කිරීම් අනුවද, වසංගතය පැතිරීම වේගයෙන් වේගවත් වී තිබේ.