ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු වාහනයක් ඇමරිකානු
MRAP වාහනයක ගැටී “වාහනයේ කාර්ය මණ්ඩලයට තුවාල සිදු කර ඇති” බවයි.
රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම හමුදාව ඇමරිකාවේ මිලිටරි පොලිසියේ තීරුවක් පසුකර යන බවට එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයට කල්තියා දැනුම් දී ඇති බවයි.
“එසේ තිබියදීත්, පවත්නා ගිවිසුම් උල්ලංඟනය කරමින්, එක්සත් ජනපද හමුදා රුසියානු මුර සංචාරය අවහිර කිරීමට උත්සාහ කළහ,” එය කියා සිටියේ, සිද්ධිය අවසන් කර ඔවුන්ගේ මෙහෙයුම ඉදිරියට ගෙන යාමට රුසියානු හමුදා පොලිසිය “අවශ්‍ය පියවර” ගත් බවයි.
රුසියානු ජෙනරාල් මාණ්ඩලික ප්‍රධානී වැලරි ජෙරසිමොව් එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාක් මිලී සමඟ දුරකථන ඇමතුමකින් “සම්පූර්ණ පැහැදිලි කිරීම්” ලබා දුන් බව මොස්කව් පැවසීය.
ට්විටර් හි සදහන් වන විඩියෝ දර්ශන අනුව රුසියාව සහ ඇමරිකාවේ වාහන එකිනෙක ගැටෙන බවක් පෙනෙන්නට ඇති අතර එක් අවස්ථාවකදී – – එක් හෙලිකොප්ටරයක් නවතා ඇති ඇමරිකානුවන්ට ඉහලින් සැරිසරමින් සිටිනු ලබයි.